(අංජුල මහික වීරරත්න)

අඩුම තරමින් අක්කරයකට වී බුසල් 120ක් වත් ගන්න බැරි නම් වාරිමාර්ග වලට,පොහොර සහනාධාරයට වෙන්කරන මුදල් වලින් තේරුමක් නැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවැසීය.

මහවැලි H කලාපයේ වප් මඟුල් උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

පුනරුදයට අරුණලු ජාතික කෘෂිකර්ම වැඩසටහන යටතේ ක්‍රියාත්මක ආදර්ශ යාය ජාතික වැඩසටහන මහවැලි කලාප 10ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලබයි.

"මේ වලව කලාපයේ අක්කරයකට වී බුසල් 200 පන්නනවා. ඒක කිව්වට පස්සේ මට අභියෝගයක් කළා කවුදෝ ගොවි සංවිධානයක්. හැම දිස්ත්‍රික්කයෙන්ම මට අක්කරය ගානේ දෙන්නම්ලු. කරලා පෙන්නන්නලු. හොඳ අභියෝගයක්. අපේ බලාපොරොත්තුවක් නැහැ වී වගා කරන අක්කර ගණන තව වැඩි කරන්න. අපි අනෙකුත් අතුරු බෝග වගාකරගත යුතුයි. අතුරු බෝග බොහොමයක් තවමත් විදේශයෙන් ආනයනය කරනවා. මහවැලි කලාප සහ මහා වාරිමාර්ග හැර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ තියෙන අක්කර 200ට අඩු වැව් තියෙන තැන්වල අතුරු බෝග වගාව ප්‍රවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා යනුවෙන්ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.