
(අංජුල මහික වීරරත්න)
මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්රය සඳහා රුපියල් බිලියන 740ක් සහ සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා රුපියල් බිලියන 710ක් වෙන් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
ඉතිහාසයේ මෙතෙක් වෙන් කළ වැඩිම මුදල් ප්‍රතිපාදන මෙය බව පැවසූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා 2019 වසරේදී රුපියල් මිලියන 1,300ක මූලික ඇස්තමේන්තුවකින් ආරම්භ කළ ගාල්ල ජාතික රෝහලේ මහාචාර්ය ඒකකය අවසානයේ රුපියල් මිලියන 2,808ක වියදමින් නිම කිරීමට සිදු වූ බව ද පැවසීය.
ජාත්‍යන්තර ප්‍රමිතියෙන්, නවීන පහසුකම් වලින් යුක්තව ඉදි වූ රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය (Professorial Ward Complex - PWC) විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.
මීට අමතරව ගාල්ල ජාතික රෝහලේ තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා රුපියල් මිලියන 8,500ක් (කෝටි 850ක්) වැය කෙරෙන බවත්, සබරගමුව, බදුල්ල සහ කළුතර යන වෛද්‍ය පීඨවල ද නව මහාචාර්ය ඒකක ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
රෝහල් සඳහා අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ (MRI, Linac යන්ත්‍ර ඇතුළුව) මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 21.5ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බව ද අතරමග නතර වී තිබූ සියලුම රෝහල් ගොඩනැගිලි ඉදිකිරීම් 2028 වසර වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd