(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)
පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටී 59 හැවිරිදි දෙදරු මවක අතින් පයින් පහරදී උස්සා පොලොවේ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සොයා පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පයාගල , සේවියර්පියගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එස්. ප්‍රියානි නමැති කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සදහන් වේ.
මියගිය කාන්තාවගේ දියණියක් ඇයගේ ස්වාමී පුරුෂයා සමග ඇති කරගත් ආරවුලක් නිසා දියණියව සහ ඇයගේ දරු දෙදෙනාව සිය නිවසට ගෙන්වා ගෙන ඇති බවත්, එයට උරණවූ බෑනා ඉකුත් 5 දා රාත්‍රි තවත් පිරිසක් සමග නිවසට පැමිණ කතාබහක් ඇති කරගෙන ඇති බවත් පොලිසිය පවසයි.
පිරිස නිවසට පැමිණෙන විට මියගොස් ඇති කාන්තාව ඔවුන්ට බියෙන් අසළ නිවසකට ගොස් ඇදක් යට සැඟව ඇති බවත්, එහි පැමිණ පුද්ගලයකු ආච්චි අම්මාව කකුල් දෙක ඇද එළියට ගෙන උස්සා පොළොවේ ගැසූ බවටත් 5 හැවිරිදි මිණිබිරියක ප්‍රකාශ කර ඇතැයිද මියගිය කාන්තාවගේ ඥාතියෙකු පැවසීය.
පහරකෑමට ලක්ව සිටි කාන්තාව ත්‍රීරෝද රථයක නංවා කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇති බවත්, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (14) අළුයම මියගොස් ඇති බවත් සදහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාව රෝහලට රැගෙන ගිය ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි .
ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටින සැකකරුවන් පොලිසිය මඟ හරිමින් සිටින බවත් පොලිස් නිලධාරියෙක් කීය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
59 මව උස්සා පොළොවේ ගසා මරලා
zeylanicus Friday, 17 February 2023 08:09 AM
ඉස්පිරිතාලෙට අරන්ගිය කෙනාව අත් අඩංගුවට ගත්තාම හරිද? මෙහෙම වුණාම කවුරුවත් මනුස්සයෙක්ට උදව් කරන්නවත් ඉදිරිපත් වෙයිද?
fairoosSunday, 19 February 2023 05:00 PM
ලංකාවේ පොලිසියට සැක හිතුණාම ඕන කෙනෙක් ඇතුළට දාන්න පුළුවන්...