බාල මට්ටමේ චීන ඇනිමේෂන් චිත්රපටය වාර්තා තබයි
කෝටි ගණන් වියදම් කරමින්, අති නවීන පරිගණක තාක්ෂණ ශිල්පක්රම භාවිතයට ගනිමින්, ඇනිමේෂන් (කාටූන්) චිත්රපට බිහිවෙද්දී, ඉතාමත් බලා තත්ත්වයේ, කට වචනයෙන් කියනවා නම් ‘මොලෝ රහක් නැති, ලෝ බජට්’ චීන ඇනිමේෂන් චිත්රපටයක් මේ වනවිට කවුරුත් මවිතයට පත් කරමින් චීනයේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීමට සමත් වී ඇත.