බාල ගල්අගුරු පාඩුව කෝටි 2000ක් බාල ගල්අගුරු හේතුකොටගෙන රටට සිදුවූ පාඩුව රුපියල් කෝටි 2000 ක් බව මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 21 October 2026
කිලෝ මීටර් 3,500 ක් දුර සිට කළ සැත්කම ප්රථම වරට ශ්රී ලංකාවේ ‘රොබෝ ටෙලිසර්ජරි’ සැත්කම සිදුවූයේ කොළඹ කිංග්ස් රෝහලේ රෝගීන් දෙදෙනකුටය. සැත්කම සිදු කළේ කිලෝ මීටර් 3,500 ක් දුරින්, ඉන්දියාවේ නවදිල්ලියේ සිටි ශල්ය වෛද්යවරුන් දෙදෙනකු වන මහාචාර්ය ශ්රීනාත් චන්ද්රසේකර සහ මහාචාර්ය භවාන්ත ගමගේ ය. 21 October 2026
වසර හයක් ලියුම් නොබෙදා මෙට්ටෙයට සැඟවූ පියුම් මාමා හල්දුම්මුල්ල සොරගුණේ උප තැපැල් කාර්යාලයක ලියුම් බෙදන්නකු බෙදීමට නියමිතව තිබූ තැපෑලේ ලිපි 2078 ක් නොබෙදා නිවසේ මෙට්ටයක් යට සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය . 21 October 2026
මොරටුව වෙඩි තැබීමේ සිද්ධියේ තවත් තොරතුරු සොයිසාපුර ආපන ශාලා හිමිකරුවකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කොට එහි ආහාර ගනිමින් සිටි කාන්තාවකට තුවාල සිදුකොට පළා යද්දී කොල්ල කෑ යතුරු පැදිය සිද්ධමුල්ල ප්රදේශයේ දමාගොස් තිබිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 October 2026
A - 9 මාර්ගය අකුරණින් වහයි අකුරණ හතේ කණුව ප්රදේශයේදී සිව් දෙනකුට මරු කැඳවමින් අනතුරට පත්ව පහළට පෙරලි ගිය ලොරි රථය අද ගොඩ ගැනීම සඳහා පැය කිහිපයක් ඒ 09 මාර්ගය අකුරණින් වසා තබන බව පොලීසිය කියයි. 21 October 2026
විදුලිය කැපීම අදින් අවසන් දිවයින පුරා දින තුනක් පස්වරුවේ සිදුකරන විදුලි කප්පාදුව අද (21) දිනට පමණක් සීමා වනු ඇති බව කැබිනට් මාධ්ය ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 October 2026
මත්කුඩු පනත සංශෝධනයට විෂ මත්ද්රව්ය ග්රෑම් 100 දක්වා වූ ප්රමාණ සම්බන්ධ නඩු මහාධිකරණය හමුවේ විභාග කිරීමට හැකි වන පරිදි අදාළ පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව කැබිනට් මාධ්ය ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 October 2026
උතුරු කොරියා නායකයා යහතින් ඉන්නවා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මියගොස් ඇති බවත්, ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කරන, ඔහුගේ නැගණිය උතුරු කොරියාව පාලනය කරන බවත් සමාජ මාධ්ය ඔස්සේ පුවත් පළවෙයි. 21 October 2026
වෙඩි ප්රහාරයකට ලක් වූ රත්මලානේ ආපන ශාලා හිමිකරු මරුට රත්මලාන සොයිසාපුර ප්රදේශයේ ආපන ශාලාවකට (20) දා රාත්රී මෝටර් රථයකින් පැමිණි පිරිසක් එල්ල කළ වෙඩි ප්රහාරයකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි. 20 October 2026
අකුණ සැරට ගෙවිලියෝ දෙදෙනෙක් මරුට රඹෑව ප්රාදේශිය ලේකම් බල ප්රදේශයේ බොරුලුහින්න ගම්මානයේ වෙල් යායක වැඩ කරමින් සිටි කාන්තාවන් තිදෙනකුට අද සවස අකුණුසැර වැදීමෙන් කාන්තාවන් දෙදෙනකු මිය ගොස් ඇති අතර එක් කාන්තාවක් තුවාල ලබා රඹෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර රෝහල වෙත වැඩිදුර ප්රතිකාර සදහා මාරු කර යවා ඇත. 20 October 2026
මොරටුවේ වෙඩි තැබීමකින් හෝටල් හිමියෙක් තුවාල ලබයි මොරටුව ප්රදේශයේදි මෝටර් රථයකින් පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමකින් හෝටල් හිමියෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි. 20 October 2026
පළාත් රැසකට හෙට සිට තද වැසි බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි හෙට (21) දිනයේ ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 20 October 2026
බුද්ධ ශාසන සභාව රැස් වෙයි අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නා හිමි ප්රමුඛ ත්රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් බුද්ධශාසන අමාත්යාංශ ’’දහම්පය’’ පරිශ්රයේ දී බුද්ධශාසන සභාව අද (20) රැස්විය. 20 October 2026
අඹේවෙල ජලාශයේ වාන් විවෘත කරයි පවතින අධික වර්ශාවත් සමග අඹේවෙල ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එහි වාන් දොරටු දෙකක් 8’’ බැගින් (240.88) අද (20) පස්වරුවේ විවෘත කල බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි . 20 October 2026
ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු මුජිබුර් මතක් කරයි ආණ්ඩුව මැතිවරණ සමයේ කරනවා යැයි කියා මගහරින ලද පොරොන්දු රාශියක් මතක් කර දිය හැකි බව කොළඹ දිස්ත්රික් මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 October 2026
කාවන්තිස්සට වෙච්ච අසාධාරණේ අනෙක් සතුන්ට වෙන්න දෙන්න එපා අද කාවන්තිස්ස ඇතාට වෙච්ච අසාධාරණේ හෙට අනෙක් සත්තුන්ට වෙන්න ඉඩ තියන්න එපා යැයි පත් කළ මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 October 2026
උද්ධමන චලනයන් කෙටි කලකින් පාලනය කළ හැකියි උද්ධමන චලනයන් කෙටි කලකදී පාලනය කරන්නට හැකි වේවි යැයි සිතන බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබල ගැන්වීමේ අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 October 2026
මධ්යම තැපැල් හුවමාරුවේ කෝටි 7 ක මත්ද්රව්ය කොළඹ මධ්යම තැපැල් හුවමාරුවේදී සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියන 67.53 කට අධික වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන අංශයේ (NCU) නිලධාරීන් සමත්වී ඇත. 20 October 2026
ගැටඹේ හිමිට ජනපති අවසන් ගෞරව දක්වයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අපවත් වී වදාළ මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනා හිමියන්ගේ දේහයට අද (20) දහවල් අවසන් ගෞරව දැක්වීය. 20 October 2026
සෞඛ්ය-ජනමාධ්ය අතිරේක ලේකම් පත් කරයි සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්ය සේවා) තනතුරට විශේෂඥ වෛද්ය එස්. මහේන්ද්ර ආනල්ඩ් මහතාට පත් කර තිබේ. 20 October 2026
නාමල්ගේ ලේකම්ට ඇප අපරාධයකින් උත්පාදිත දේපලක් සේප්පුවක බහා තබා ගත්තේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් බව කියන සංජය විෂ්ණු රවින්ද්ර ඇප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා අද (20) නියෝග කළේය. 20 October 2026
උද්ධමනෙට කෑගහන්නේ සහන කැපිච්ච අය ආණ්ඩුව යම් යම් කණ්ඩායම් වල සහන කපලා තව පිරිසකට සහන දීලා තියෙන බව වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 October 2026
හදිසි විදුලි බිද වැටීම ගැන අැමතිටත් සැකයක් පසුගිය සෙනසුරාදා විදුලිය හදිසියේ ඇන හිටීමේ සිද්ධිය ගැන තමාටත් සැක සහ ප්රශ්න මතුවන තැන් තිබෙන බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය 20 October 2026
නායගිය වටවල දුම්රිය ස්ථානය හදන්න යුද හමුදාවට භාරදෙයි නායයෑමට ලක් වූ වටවල දුම්රිය ස්ථානයේ ඉදි කිරිම් කටයුතු ශ්රී ලංකා යුධ හමුදාව වෙත අද (20) භාර දුන් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්රික් අධිකාරි ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා පැවසීය. 20 October 2026
පොලිසියට කැබ් රථ 200ක් ශ්රී ලංකා පොලිසිය සඳහා සිංගල් කැබ් රථ 200 ක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. 20 October 2026
සුරක්ෂා රක්ෂණයට කැබිනට් අනුමැතිය සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන 2026/27 වර්ෂය සඳහා ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 October 2026
රාජ්ය පෞද්ගලික හවුල්කාරිත්වයට අලුත් පනතක් රාජ්ය පෞද්ගලික හවුල් ව්යාපාර පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත 20 October 2026
කොණ්ඩෙට- පච්චෙට පොලිසියෙන් අල්ලන කතාව බොරු කොණ්ඩෙ වැව්වොත් පච්චයක් කෙටුවොත් අපරාධකාරයෙක් යැයි පොලිසියට කුදලා ගෙන යන බවට පතුරන කතාව සම්පූර්ණ අසත්යයක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 20 October 2026
හරින් අධිකරණයට පසුගිය මහ මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මහේස්ත්රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය ලේකම් හිටපු ඇමැති හරින් ප්රනාන්දු බදුල්ල මහේස්ත්රිත් අධිකරණයේ අද පෙනී සිටියේය. 20 October 2026
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026