නාමල්ගේ ලේකම් අධිකරණයට රැගෙන එයි දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නාමල් රාජපක්ෂ මහතාගේ දේපළ සන්තකයේ තබා ගත්තේ යැයි සැකයට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ඔහුගේ පුද්ගලික ලේකම් සංජය විෂ්ණු රවින්ද්ර මහතා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට රැගෙන එන ලදි 20 October 2026
සරණගේ බිරිය සහ අල්ලස් ගත් ආරච්චි යළි රිමාන්ඩ් වසර 16ක සිර දඬුවම් විඳිමින් සිටින සිය සැමියාට එරෙහිව විභාග වන තවත් අල්ලස් නඩුවකට අත්හිටවූ සිර දඬුවම් ලබා ගැනීමට මහාධීකරණ ’’ආරච්චිට’’ අල්ලස් ලබාදුන්නේ යැයි කියන හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ සහ අල්ලස් ලබා ගත් ’’ආරච්චි’’ ලබන 30 දක්වා යළි රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 20 October 2026
පැය 2ක ප්රකාශයක් දී ජී.එල් අල්ලසෙන් පිටව යයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැය 2 කට ආසන්න කාලයක් ප්රකාශයක් සටහන් කරගත්තේය. 20 October 2026
දූෂණ විරෝධී සැලැස්මට පණ දෙන්න 13 දෙනෙකුගේ මැතිසබා කමිටුවක් ජාතික දූෂණ විරෝධී ක්රියාකාරී සැලැස්මෙන් පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති කාර්යයන් ක්රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ නායකත්වය දීමට කාරක සභා නියෝජ්ය සභාපතිවරයාගේ ප්රධානත්වයෙන් යුතු 13 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද (20) දැනුම් දුන්නේය. 20 October 2026
අකිල විරාජ්ගේ නඩුවට දින දෙයි හිටපු ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක (විමධ්යගත පරිපාලන) කාර්යාලයට සේවකයින් බඳවාගත් රජයේ සේවකයින් සිව් දෙනකු පුද්ගලික ඉන්ධන පිරවුම්හලක සේවයයට යොදවා රජයට පාඩු කළේ යැයි කියන හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් හා ඊට ආධාර අනුබල දුන් කළමනාකරණ සහකාරවරයාට එරෙහි නඩුව ජනවාරි 5 වන දින යළි කැඳවීමට කොළඹ ප්රධාන මහේස්ත්රත් අසංග එස් බෝදරගම මහතා අද (20) නියෝග කළේය . 20 October 2026
පාතහේවාහැට ප්රා.සභා බලතල කොමසාරිස් යටතට පාතහේවාහැට ප්රාදේශීය සභාවේ සියලු පරිපාලන කටයුතු සහකාර පලාත් පාලන කොමසාරිස් ඒ.ඩබ්ලිව්.ජි.එල්. අත්තනායක යටතට පත් කිරීමටත් මධ්යම පළාත් ආණ්ඩුකාර වෛද්ය සුරංග ප්රනාන්දු විසින් කටයුතු කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වන අංක 2511/09 දරණ අති විශේෂ ගැසට් පත්රය ඊයේ දින නිකුත් කර ඇත. 20 October 2026
තාක්ෂණික දෝෂය නිවැරදි කර ඥානසාර හිමිට සමාව දෙන්න තාක්ෂණික දෝෂය නිවැරදි කර රජය ඥානසාර හිමියන්ට පූර්ණ ජනපති සමාවක් ලබා දිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල් පීරිස් මහතා මාධ්ය හමුවකදී පැවසීය. 20 October 2026
දුම්රියේ යතුරු පැදියක් ගැටී තරුණයෝ දෙදෙනෙක් මරු දකිති කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියට වැල්ලව හදිරවලාන දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් ගැටීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වැල්ලව පොලිසිය කියයි. 20 October 2026
තෙල්දෙණිය පොලිස් ජිප් රියට ගල් ගහල තෙල්දෙනිය මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් අඹකොටේ ප්රදේශයේ මත්ද්රව්යවලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ජීප් රථයෙන් ආපසු ගමන් කරමින් සිටියදී එහි ලඳු කැලෑවක සැඟවී සිටි පිරිසක් ජීප් රථයට ගල් ප්රහාරයක් එල්ල කිරීම හේතුවෙන් ඊට අලහභානි සිදුව ඇති බව පොලිසිය කියයි. 20 October 2026
ප්රංශයේ ප්රධාන නගර 3 කට ඇඳිරිය දිනෙන් දින ප්රචණ්ඩකාරී ස්වරූපයක් ගන්නා ආණ්ඩු විරෝධී විරෝධතා පාලනය කිරීමේ අරමුණින් සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ප්රංශයේ පැරිස් අගනුවරටත්, ලිල් සහ නීස් යන නගරවලටත් ඇඳිරි නීතිය පැනැවූ බව ප්රංශ බලධාරීහු පැවැසූහ. 20 October 2026
චීන-රුසියන් ජනපතිවරුන් හමුවන්න ට්රම්ප් සූදානම් වෙයි රුසියන් ජනපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් හවුල් කර ගනිමින් සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සූදානම් වෙයි. ඒ, නොවැම්බර් 18-19 දිනවල චීනයේ පැවැත්වෙන ආර්ථික සහයෝගිතා සමුළුවට සමගාමීවය. 20 October 2026
යතුරු පැදි ලියාපදිංචි කිරීම තවත් දිස්ත්රික්ක පහකදී අරඹයි කොළඹට පමණක් සීමාවී තිබූ යතුරු පැදි නව ලියා පදිංචි කිරීම දිවයිනෙහි තවත් දිස්ත්රික් පහකදී ආරම්භ කරමින් එහි සමාරම්භක අවස්ථාව , මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාෂල් ( විශ්රාමික) තුෂාර ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙන් අද (19) පෙරවරුවේ , එම ගම්පහ දිස්ත්රික් නියෝජ්ය කොමසාරිස් කාර්යාලයේදී සිදු කෙරිණි. 20 October 2026
ත්රිමලේ දී කතුන් දෙනෙකු මරුවැයි විශ්රාමික නාවික නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට තිරිකුණාමලය පාලවුත්තු ප්රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ත්රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත බංකරයක සිර මැදිරියක රඳවා වද හිංසා කොට ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විශ්රාමික නාවික හමුදා නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 20 October 2026
අලි ඇතුන්ට වෙඩි තැබීම පිටුපස සංවිධානාත්මක ජාලයක්? අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි සොයා විමර්ශන අරඹන බව පරිසර අමාත්යාංශය කියයි. 20 October 2026
ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී විජය පුවත්පත් සමාගමට සම්මාන ත්රිත්වයක් ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි විජය පුවත්පත් සමාගමට සම්මාන ත්රිත්ත්වයක් හිමිවිය. මෙහිදී ’ඩේලි මිරර්’ (Daily Mirror) පුවත්පතේ විශේෂාංග අංශයේ නියෝජ්ය කතෘ කමන්තී වික්රමසිංහ සහ වෙබ් අංශයේ නියෝජ්ය කතෘ චතුරංග ප්රදීප් සමරවික්රම යන මහත්ම මහත්මීන්, පාරිසරික දැනුවත් කිරීම් සහ සන්නිවේදන කටයුතු සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ’ජනාධිපති පරිසර සම්මාන 2026’ උළෙලේදී පිළිවෙලින් රන් සහ ලෝකඩ සම්මාන දිනා ගත්හ. 19 October 2026
ඇතුන් රකින්න ජනපතිගෙන් විශේෂඥ කමිටුවක් ’කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශන කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ තිබේ. 19 October 2026
උලපනේ සුමංගල හිමියන්ගෙන් පැය 4 ක ප්රකාශයක් සටහන් කර ගනී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා මහා සංඝරත්නය ඇතුළු පිරිසක් කොළඹ විහාර මහාදේවී උද්යානයේ සත්යග්රහයක නියැලී සිටියදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයකදී බලංගොඩ කස්සප හිමියන්ට පහර දී ඇති බවට කළ ප්රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨසය උලපනේ සුමංගල හිමියන්ගෙන් පැය 4 කට ආසන්න ප්රකාශයක් සටහන් කරගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 19 October 2026
වරායේ වාණිජ හා සැපයුම් මධ්යස්ථාන ව්යාපෘතියෙන් චයිනා මර්චන්ට්ස් සමාගම ඉවත් වේ කොළඹ වරායේ ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක ආයෝජනයකින් ඉදිකිරීමට සැලසුම් කර තිබූ දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්යස්ථාන ව්යාපෘතිය අත්හැර දැමීමට සිය සමාගම තීරණය කළ බව චීනයේ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම හොංකොං කොටස් වෙළෙඳපොළට නිල වශයෙන් දැනුම් දී තිබිණි. 19 October 2026
සෙනසුරාදා රටම අඳුරුවුණේ නොරෙච්චෝලේ අවුලකින් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 1 වන ජනන යන්ත්රයේ මෙගාවොට් 187ක පැවති ධාරිතාව ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5කට වඩා අඩු අගයකට පහළ බැසීම නිසා ඉකුත් 17 වැනි දින දිවයිනටම බලපාන විදුලි විසන්ධියක් වූ බව ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා පැවසීය. 19 October 2026
දින තුනක් රට පුරා විදුලිය කප්පාදුවක් දින තුනක් රටපුරා පස්වරුවේ පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා පැවසීය. 19 October 2026
කොටුව මහේස්ත්රාත්ගේ නියෝගයට එරෙහිව ගම්මන්පිල අභියාචනාධිකරණයට සිරදඬුවම් නියම වු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීමට එරෙහිව කොළඹ කොටුව ප්රදේශයේ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් පසුගිය සිකුරාදා කොටුව මහෙස්ත්රාත්වරයා නිකුත් කළ නියෝගයට එරෙහිව හිටපු අමාත්ය උදය ගමන්පිල මහතා රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේය. 19 October 2026
හෙට සිට යළි තද වැසි එල්නිනෝ තත්වයේ බලපෑම හේතුවෙන් හෙට (20) සවස් කාළයේ සිට දිවයින පුරා තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා පැවසීය. 19 October 2026
ලංකාවට ආ තායිලන්ත නියෝජ්ය අගමැතිනියට ආරක්ෂාව නොදුන්නේ ඇයි? මිහින්තලේ මිහිඳු මහ සෑයේ කොත් නිරාවරණය කිරීමේ පින්කමේ ප්රධාන ආරාධිතාව ලෙස සහභාගී වූ තායිලන්තයේ නියෝජ්ය අගමැතිනියට නිසි ආරක්ෂාවක් නොදීමෙන් පෙනෙන්නේ මාලිමා රජයේ අපරිණත විදෙස් පිළිවෙත බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 19 October 2026
කාවන්තිස්සට වෙඩි තැබුවැයි දෙදෙනෙක් රිමාන්ඩ් බාරයට කාවන්තිස්ස ඇතාට වෙඩි තැබුවේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ඇහැටුවැව උප ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුනතා සංවර්ධන නිලධාරියා ලබන 28 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහව මහේස්ත්රාත් අනුරාධා සෙනෙවිරත්න මෙනෙවිය නියෝග කළාය. 19 October 2026
’’කාවන්තිස්ස’’ ඛේදවාචක වලට යළි ඉඩක් නෑ කාවන්තිස්ස හස්තියාට සිදු වූ ඛේදවාචකය වැනි දේ යළි සිදු වෙන්නට ඉඩ නොතැබිය යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 19 October 2026
කාන්තා පිළිකා මරණවලින් 27%කටම හේතුව පියයුරු පිළිකා පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27% කටම හේතුව පියයුරු පිළිකාව යැයි - සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 19 October 2026
දූෂණ විරෝධී පනත බලාත්මක වෙයි දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද (19) සිය සහතිකය සටහන් කළේය. 19 October 2026
ජනපති සමාවේ වැරදුනු තැන ගැන මෛත්රී තතු පහදයි ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දීමේදී වූ වරද අදාළ ලේඛන බන්ධනාගාර අමාත්යාංශයට යවා අනුමැතිය නොගැනීම බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 19 October 2026
ලිට්රෝ ගෑස් සැපයුම යථා තත්වයට ලිට්රෝ ගෑස් බෙදාහැරීම අද (19) පස්වරුව වන විට යථා තත්වයට පත්කළ බව ලිට්රෝ ගෑස් සමාගම උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට ඊයේ පස්වරුවේ පැවසීය. 19 October 2026
පූජකතුමා කුරුසියට යටවෙයි ලතින් අප්රිකාවට අයත් එක්වදෝරයේ වෙරළාසන්නයේ පිහිටි ගුවායාකිල් නගරයේ දේවස්ථානයක සජීවීව දිව්ය පූජාව මෙහෙයවමින් සිටි රෝමානු කතෝලික පූජකවරයකු මතට පිටුපස සවි කර තිබුණු කුරුසිය කඩා වැටුණි. පැට්රිසියෝ සංචේස් නමැති පූජකවරයා තුවාල ලබා ජීවිතක්ෂයට පත්විය. 19 October 2026
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026