(නිමල කොඩිතුවක්කු)

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27% කටම හේතුව පියයුරු පිළිකාව යැයි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

දිනකට මෙරටින් නව පියයුරු පිළිකා රෝගීන් 15ත් 18ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔක්තෝම්බර් මාසයට යෙදෙන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් කළුතර නගරයේදී පැවති ජනතාව දැනුවත් කිරීමේ පා ගමනට සහ ප්‍රධාන උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.