අග්බෝ ඇතා රකින්න මෙහෙයුමක් අරඹයි අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගෙන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙහෙයුමක් අරඹා ඇතැයි පරිසර අමාත්යාංශය කියයි. 18 October 2026
ගැටඹේ නා හිමි අපවත් වෙති ගැටඹේ ශ්රී රාජෝපවනාරාමාධිපති සහ ශ්රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනූනායක කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 96 වැනි වියේ පසුවිය. 18 October 2026
ජනතාව අතහැර ආණ්ඩුවට ගමනක් නෑ ජනතාව අතහැර ආණ්ඩුව කිසිම ගමනක් නොයන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය බදුල්ලේ දී පැවසුවාය.ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අමතමින් අග්රාමාත්යවරිය මේ බව කීවාය. 18 October 2026
සමාජ මාධ්යයේ බොරු ප්රචාර වපුරන අයට දැඩි දඬුවම් බලන්ගොඩ කස්සප හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ විහාර මහා දේවී උද්යානයේ දී පය ලිස්සා වැටීමෙන් බව පොලිස් මාධ්ය ප්රකාශක ෆෙඩ්රික් වුට්ලර් මහතා පැවැසීය. 18 October 2026
කස්සප හිමි කැමැත්තෙන් ටිකට් කපාගෙන ගිහින් කොළඹ විහාර මහා දේවී උද්යානයේ සත්යග්රහයක් කරමින් සිටියදී පහර දීමක් විනැයි කියමින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු බලන්ගොඩ කස්සප හිමි කැමැත්තෙන් ටිකට් කපාගෙන ගිය බව ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය ඉන්දික ජාගොඩ මහතා පැවසීය. 18 October 2026
ප්රංශය පුරා විරෝධතා උත්සන්න වේ ප්රංශය පුරා පැවැත්වෙන විරෝධතා උත්සන්නවීමත් සමග රාජ්ය දේපළවලට හානි කළ 1200 කට වැඩි පිරිසක් එරට පොලිසිය අත් අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළේය. 18 October 2026
කස්සප හිමි පය ලිස්සා වැටිලා බන්ධනාගාර ගත කර සිටින ගල ගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ විහාර මහා දේවි උද්යාන පරිශ්රයතුළ සත්යග්රහණයේ යෙදෙන බළන්ගොඩ කස්සප හිමියන් ඊයේ (17) රාත්රි පයලිස්සා ඇද වැටීම හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි. 18 October 2026
ගලේවෙල ගලේවෙල දිසා දිසාරෝහලේ පවතින තදබදය අඩුකිරීම සහ රෝහල් සංවර්ධනය සඳහා ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල වසර දාහතරක පමණ කාලයක් ගතවී ඇතත් මෙතෙක් විවෘත කර නැතැයි ජනතාව චෝදනාකරති.ෙ 18 October 2026
STF කණ්ඩායමක් හයිටියට ඉතිහාසයේ ප්රථම වරට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීහු කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ කල්ලි මර්දන බලකායේ රාජකාරී සඳහා හයිටි රාජ්යය බලා පිටත්ව ගියහ. 18 October 2026
රටේ තත්වය විවාදය එන අඟහරුවාදා සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 20 අඟහරුවාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 18 October 2026
හිටපු ඇමැති ඥාතියා ගිනි අවි,උණඩ, බෝම්බ සමග මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සෘජු සබඳතා පවත්වමින් ගිනි අවි සහ විවිධ වර්ගයේ උණ්ඩ තොගයක් මෙන්ම අත්බෝම්බ සන්තකයේ තබාගත් සිනමාහලක හිමිකරුවකු ඇතුළු කෝටිපති ව්යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 18 October 2026
තංගල්ල මූලික රෝහලට තට්ටු නවයක ශල්ය වාට්ටු සංකීර්ණයක් තංගල්ල මූලික රෝහලේ ප්රතිකාර සේවා පුළුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 3090ක පිරිවැයකින් තට්ටු නවයකින් සමන්විත ශල්ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. 18 October 2026
කාවන්තිස්සගේ මරණ පරීක්ෂණයට විදේශ විශේෂඥයන් ගෙන්වන්න කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන දේශීය සහ විදේශීය විශේෂඥයන් උපයෝගී කර ගෙන ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය. 17 October 2026
අධිකරණ ඇමති රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ බලන්න යයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී විෂ මත්ද්රව්ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්රියාවලිය සහ එහි වත්මන් ප්රගතිය පිළිබඳව අමාත්යවරයා සෘජුවම නිරීක්ෂණය කළේය. 17 October 2026
නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවෙසින් ආරක්ෂිත සේප්පුවක් CID බාරයට දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සංජය විෂ්ණු රවින්ද්ර සමරසේකර මහතාගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසුව ආරක්ෂිත සේප්පුවක් සිය බාරයට ගත් බව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කියයි. 17 October 2026
විශ්ව රූ රැජින දිවයිනට ශ්රී ලංකාවේ පැවැත්වෙන , 2026 ලෝක විශ්ව විවාහක රූ රැජින තරගාවලිය ( Missis Universe Sri Lanka - 2026 ) විනිශ්චය කිරීම සදහා , 2023 වසරේ ලෝක විශ්ව විවාහක රූ රැජින ලෙස කිරුළු පළන් ඇමෙරිකානු ජාතික මෙරයිනි පබ්ලර් ගාඩියානා ( Meranie Pabular Gadiana ) මහත්මිය අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය. 17 October 2026
විදුලිය බිඳ වැටීම: ඇමතිගෙන් ප්රකාශයක් විදුලි බිඳවැටීමට ප්රධානතම හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත්, කොත්මලේ විදුලි උත්පාදනාගාරයක පැනනැගුණු ගැටලුවක් නිසා එහි ක්රියාකාරීත්වය බිඳ වැටීම මෙම පද්ධති අසමතුලිතතාවයට හේතු වූවාද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් පරීක්ෂණ පවත්වන බව බල ශක්ති අමාත්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය. 17 October 2026
කාවන්තිස්සගේ මරණයට හේතුව අධිකරණයෙන් ඉල්ලයි පිරිපුන් දළ යුගලකට හිමිකම් පෑ දෙස් විදෙස් වශයෙන් කාවන්තිස්ස නමින් ප්රචලිත සද්ධන්ත හස්තියාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතු සහිත අදාළ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව වැඩ බලන මහේස්ත්රාත් කාංචනා හතුරුසිංහ මහත්මිය වනජීවි දෙපාර්තෙමින්තුවේ පශූ වෛද්ය නිලධාරීන්ට අද නියෝග කළාය. 17 October 2026
අකුරණ ජලයෙන් යටවේ මහනුවර සහ තදාසන්න ප්රදේශවලට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමඟ අකුරණ නගරයේ ඒ 09 මාර්ගය අවහිර වී ඇතැයි පොලීසිය දැනුම් දෙයි. 17 October 2026
’’අරගලයේ පුරවැසියෝ’’ මහ සෙනඟක් ජනපති කාර්යාලය අසලට ’’හොරුන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්රණ පරදවමු’’ යන තේමාවෙන් ’’ ජනවරමේ පුරවැසියෝ ’’ සංවිධාන කළ උද්ඝෝෂණ පා ගමන කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියේය. 17 October 2026
නවකවදය විමර්ශන ඉබි ගමනේ විශ්ව විද්යාල බොහොමයක ආචාර්ය මණ්ඩලයට සහ සිසුන්ට එරෙහිව පැවැත්වෙන විමර්ශන අවුරුදු ගණන් ප්රමාද වෙමින් පවතින බව වාර්තාවේ. 17 October 2026
කතානායක විශ්වාසනංගය විවාදය අයවැයෙන් පසු? කතානායකවරයාට එරෙහි විශ්වාසභංගය යෝජනාව පිළිබඳ විවාදය බොහෝ දුරට අයවැයෙන් පසුව පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 17 October 2026
වහල මත සූර්ය පැනල විසන්ධි කරන්න වහල මත සවිකළ සූර්ය පැනල නැවත දැනුම් දෙන තුරු විසන්ධි කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 17 October 2026
ලංකාවේ දුප්පත්කමේ වාර්තාව එළියට ජාතික නිල දරිද්රතා රේඛාව ඉකුත් 2024 අගෝස්තු මාසයේදී පුද්ගලයෙකුට මාසයකට රුපියල් 17,719ක් ලෙස සටහන්වී අැතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරැ හෙළිවිය 17 October 2026
රට පුරා ප්රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි දිවයිනේ ප්රදේශ රැසක හදිසි විදුලිය බිඳ වැටීමක් අද (17) පෙරවරු 11.45ට පමණ සිදුව ඇත. 17 October 2026
සිවුරට මුවාවී කඩාකප්පල්කාරී වැඩ කළොත් වැඩ වරදි සිවුරේ සිද්ධියට මුවාවී කඩාකප්පල්කාරි මෙන්ම රට අස්ථාවර කිරීමේ ක්රියාවන්හි යෙදෙන විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා ලංකාදීපයට පැවසූවේය. 17 October 2026
පාර්ලිමේන්තවේ බඹරු පන්නයි කතානායකවරයාගේ කාර්යාලය අසල අරලිය ගසක බැද තිබූ බඹර කූඩුවක් පාර්ලිමේන්තු සේවකයන් විසින් ඊයේ (16) ඉවත් කරනු ලැබීය. 17 October 2026
මහ සෙනඟක් අද කොළඹට ’’හොරුන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්රණ පරදවමු’’ යන තේමාවෙන් සංවිධාන කෙරෙන උද්ඝෝෂණ පෙළපාළියක් අද(17) පස්වරුවේ කොළඹදී පැවැත්වෙන බව ජනවරමේ පුරවැසියෝ සංවිධානය පවසයි. 17 October 2026
සැප බසයක් පෙරළී 10ක් රෝහලේ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව මී ඔය පාලම අසලදී සුඛෝප භෝගී බස් අනතුරක් පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් 10 දෙනකු තුවාල ලබා ඇති බව පුත්තලම පොලීසිය පවසයි. 17 October 2026
ජනපති අරමුදලෙන් රජරට සරසවි සිසුනට ඇස් කන්නාඩි ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනකු වෙත ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම හෙට (17) සිදු කෙරේ. 16 October 2026
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026