
(උපාලි ආනන්ද)
පිරිපුන් දළ යුගලකට හිමිකම් පෑ දෙස් විදෙස් වශයෙන් කාවන්තිස්ස නමින් ප්රචලිත සද්ධන්ත හස්තියාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතු සහිත අදාළ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව වැඩ බලන මහේස්ත්රාත් කාංචනා හතුරුසිංහ මහත්මිය වනජීවි දෙපාර්තෙමින්තුවේ පශූ වෛද්ය නිලධාරීන්ට අද නියම කළාය.
පශ්චාත් මරණ පරික්ෂණය පැවත්වීමෙන් අනතුරුව ඇත් දළ යුගළ යළි ලබා ගැනීමට හැකි වන පරිදි කාවන්තිස්ස හස්තියාගේ මළ සිරුර වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ආරක්ෂිතව භූමදානය කරන ලෙසටද මීගලෑව වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්. වීරකෝන් මහතාට නියෝග කළ වැඩ බලන මහේස්ත්රාත් කාචනා හතුරුසිංහ මහත්මිය කාවන්තිස්සගේ මළ සිරුර භූමදානය කරන ස්ථානයට සුදුසු ආරක්ෂාවක් සපයන ලෙසටද නියෝග කරනු ලැබුවාය.
කාවන්තිස්ස හස්තියා මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්නයක් සිදු කර එකී විමර්ශනවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්රාත්වරිය මීගලෑව වනජීවි අඩවි ආරක්ෂකවරයාට වැඩිදුරටත් නියෝග කළාය.
ගල්ගමුව වැඩ බලන මහේස්ත්රාත් කාංචනා හතුරුසිංහ මහත්මිය මෙසේ නියෝග කළේ කාවන්තිස්ස හස්තියා මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගලෑව වනජීවි කාර්යලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්. වීරකකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අධිකරණයට කළ කරුණ දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි.
කාවන්තිස්ස හස්තියා මරණයට පත් වීමේ සිද්ධියට අදාළ මෙම නඩුකරය යළි කැඳවීමට නියමිතව ඇත්තේ ගල්ගමුව ප්රධාන මහේස්ත්රාත් රවින්ද්ර රංජන් බණ්ඩාර මහතා ඉදිරිපිටදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd