(චන්දන හෙන්දුරුගොඩ )

පුත්තලම - අනුරාධපුර මාර්ගයේ  කරුවලගස්වැව මී ඔය පාලම අසලදී සුඛෝප භෝගී බස් අනතුරක් පෙරළීමෙන් එහි ගමන් ගත්  මගීන් 10 දෙනකු තුවාල ලබා ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ මෙම බස් රථය මීඔය පාලම අසලදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුරු සිදු වී ඇතැයි පොලිසිය කියයි.   තුවාලකරුවන් පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත

වර්ෂාව හේතුවෙන් රියදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති අතර බස් රථයේ මගීන් 27 දෙනෙකු ගමන් කර ඇතැයි පොලිසිය කියයි