(ගයාන් සූරිය ආරච්චි)

ඉතිහාසයේ ප්‍රථම වරට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීහු කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ කල්ලි මර්දන බලකායේ රාජකාරී සඳහා හයිටි රාජ්‍යය බලා පිටත්ව ගියහ.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයො 45 දෙනෙක් ගෙන් යුත් කණ්ඩායමකින් සමන්විත වූ අතර පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 7 දෙනෙක් ද වූහ.

විශේෂ කාර්ය බලකායේ වැඩබලන අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනර්ධන සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය හා මාර්ගෝපදේශකත්වය යටතේ සංවිධානය කර තිබුණි.