අධ්යාපන ප්රතිසංස්කරණ මිනිසුන් ළඟට ගෙන යන්න මාධ්ය ඕනෑමයි නව අධ්යාපන ප්රතිසංස්කරණ ජනතාව වෙත රැගෙන යාමේ පුරෝගාමි පාර්ශ්වකරුවෙකු වන්නේ රටේ ජනමාධ්ය බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 15 October 2026
ශ්රී ලංකාවට ඉදිරියේදී ලබා දෙන සහාය ගැන IMF හෙළි කරයි මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන එළැඹෙන මාර්තු මාසයේදී අවසන් වීමෙන් පසුව ශ්රී ලංකාවට සහාය විය හැකි ක්රම කීපයක් ජාත්යන්තර මූල්ය අරමුදලට තිබෙන බව ජාත්යන්තර මූල්ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අධ්යක්ෂිකා සොනාලි ජේන් - චන්ද්රා මහත්මිය අච පැවැති මාධ්ය හමුවකදී ප්රකාශ කළාය. 15 October 2026
ඇමරිකාවෙන් ලංකාවට මිලියන 330ක පිළිකා ඖෂධ ඇමරිකා එක්සත් ජනපදයේ The Church of Jesus Christ of Latter-day Saints (Latter-day Saint Charities) ආයතනය විසින් ශ්රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ ප්රයෝජනය සඳහා රුපියල් මිලියන 330ක් වටිනා පිළිකා නාශක (Oncology) ඖෂධ තොගයක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය වෙත පරිත්යාග කරනු ලැබීය. 15 October 2026
ක්රිෂ් ගනුදෙනු ගැන තවත් විමර්ශන කොළඹ කොටුව ට්රාන්ස්වර්ක් චතුරශ්රය බදු දීමේ ක්රිෂ් ගනුදෙනුවේ දී සිදු වූයේ යැයි කියන මහාපරිමාණ මුල්ය වංචා අනාවරණය කර ගැනීමට පොලිසිය සිදුකරන විමර්ශනයන්ට ඕනෑම අවස්ථාවක සහාය ලබාදෙන බව අදාල මුදල් හුවමාරු කළ බැංකු ගිණුමක හිමිකාර ව්යාපාරිකයකු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් සිය නීතිඥවරයා මාර්ගයෙන් ප්රකාශ කළේය. 15 October 2026
ඥානසාර හිමිට නිදහස ඉල්ලා ආරම්භ කළ පා ගමනට කොටපිටියේ අනුනාහිමිත් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව ඉල්ලා මහනුවරින් ආරම්භ කළ පා ගමනේ අවසන් දිනය වූ අද දින, මහාචාර්ය කොටපිටියේ රාහුල කෝට්ටේ කල්යාණි සාමාග්රී සංඝ සභාවේ අනූනායක හිමියන්ගේ ආශිර්වාද අනුශාසනා මධ්යයේ කඩවතින් ආරම්භ විය. 15 October 2026
වැඩිහිටියන්ගේ ආරවුලකට පොඩි එකෙක් බිලි ගන්න හදලා මත්ද්රව්ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින දිගුකාලීන ආරවුලක් මත දරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වෙඩික්කරු සහ පැදිකරු කොටහේන ප්ර දේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 15 October 2026
චීනය-කොරියාව අතරේ ‘යාලු පාලම’ විවෘත කරයි චීනය සහ උතුරු කොරියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ අරමුණින්, නව පාලමක් විවෘත කෙරුණි. මෙම පාලම විවෘත කෙරුණේ වසර ගණනාවක ප්රමාදවීම්වලින් පසුව වීම විශේෂත්වයකි. 15 October 2026
හිඟන්නෝ කෝච්චි බදු අරන් සියලුම මාර්ගයන්හි මගී දුම්රියන් අරක් ගෙන සිටින යාචකයන් සහ විවිධ වෙළඳුන් හේතුවෙන් මගීහු දැඩි දුෂ්කරතාවයට පත්වෙති. 15 October 2026
පාකිස්තානයේ පාසලක වහලයක් කඩා වැටී 18 ක් මරුට පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පාසල් ගොඩනැගිල්ලක වහලක් කඩා වැටීමෙන්, 18 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. එම 18 දෙනාගෙන් 17 දෙනකු අවුරුදු 13 ට අඩු පාසල් දරුවන් බවත්, ඉතිරි තැනැත්තා ගුරුවරයකු බවත් පැවැසෙයි. 15 October 2026
ඥානසාර හිමිට විනයානුකූලව යළි සිවුර අන්දවන්නැයි පෙත්සමක් දැනට සිරගතව සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට යළි සිවුර අන්දවන විට බෞද්ධ විනයානුකූලව පියවර අනුව එම සිවුර අන්දවිමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්රාමික ගුවන් හමුදා නිලධාරියකු ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙතසම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් සහ අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරයාගෙන් උපදෙස් ලබා ගත යුතු බව නීතිපතිවරයා ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 15 October 2026
කෝටි පහක හෂීෂ් ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දස ලක්ෂයක් වටිනා ’’ හෂීෂ්’’ මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී , කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ. 15 October 2026
වැලිගම වෙරෙළෙන් කුඩු කිලෝ 120ක් සොයා ගනී වැලිගම කප්පරතොට වෙරළතීරයට ආසන්නව සඟවා තිබු මත් කුඩු බවට සැකකරන කුඩු කිලෝ 120කට අධික ප්රමාණයක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 15 October 2026
ගල්අඟුරු ගනුදෙනු ගැන හිටපු ඇමතිනී පවිත්රාගෙන් පැය තුනක් ප්රශ්න කරයි විදුලි බල හා බලශක්ති හිටපු ඇමතිනී පවිත්රා වන්නිආරච්චි මහත්මියගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව පෙරේදා (13) පැය තුනකට අධික කාලයක් ප්රශ්න කර සාක්ෂි සටහන් කර ගත්තේය. 15 October 2026
නාමල් ජනපතිට තුන්වැනි ලිපියත් යවයි ව්යාපාර ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට ඉදිරි අයවැයෙන් නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටියි. 14 October 2026
බළංගොඩ හෙළකන්දේ පවුල් කීපයක් ඉවත් කරයි පවතින දැඩි වර්ෂාව හේතුවෙන් බළන්ගොඩ නාය යාමේ අවදානමක් හේතුවෙන් හෙළකන්ද අමුපිටියාවත්ත ප්රදේශයන්හි ජීවත්වූ පවුල් කීපයක් මේ වන විට තම නිවෙස්වලින් ඉවත් කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය කියයි. 14 October 2026
පළාත් රැසකට හෙට සවස තද වැසි දිවයිනේ බොහෝ ප්රදේශවලට හෙට (15) ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 14 October 2026
කතක් සිල්මියාපුර ඔයේ ගසාන යයි හග්ගල සිල්මියාපුර ඔයෙන් එගොඩවීමට ගිය තිදරු මවක අද (14) පස්වරුවේ සැඩ දියපහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්වී ඇතයි කැප්පෙටිපොළ පොලිසිය පවසයි . 14 October 2026
දිස්ත්රික්ක අටකට නාය අනතුරු දිවයිනට බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත්රික්ක 8 ක නායයෑම් අවධානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්රකාශ කරයි. 14 October 2026
උපාධිධාරි ගුරුවරු බඳවා ගැනීමේ විභාග නොවැම්බර් 15 සිට දිවයිනේ ජාතික සහ පළාත් පාසල්වල මාධ්ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්රී ලංකා ගුරු සේවයේ 111 (1) (අ) ශ්රේණියට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මස 15 වැනි දින සිට ආරම්භ කෙරෙන බව අධ්යාපන අමාත්යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය. 14 October 2026
ශිරන්තිගේ ලෙඩ ගැන හොයන්න වෛද්ය මණ්ඩලයක් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්ය මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර අැත 14 October 2026
‘‘කපිලගේ දුරකතනය සම්බන්ධයෙන් කළ පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්නේ නෑ‘‘ සැකකටයුතු අන්දමින් ගෙළ වැළලාගෙන මියගිය බව කියන ශ්රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්රසේන මහතාගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව විවෘත අධිකරණයේදී පැවසු කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා ඒ බව පොලිස්පතිවරයාට දැනුම් දෙන බවද පැවසීය. 14 October 2026
බන්ධනාගාරෙන් පිටට චීවරෙන් වඩින්න අවසර බන්ධනාගාර ගතවන භික්ෂූන් වහන්සේලා නඩු කටයුතු ආදිය සඳහා බන්ධනාගාරයෙන් පිටතට වැඩම කරවීමේදී චීවරය සහිතව වැඩම කරවිය යුතු යැයි බන්ධනාගාර ආඥාපනතේ නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කළ යුතු බවට අදාළ කමිටුව නිර්දේශ කර තිබේ. 14 October 2026
අපනයන ආදායම බිලියන නවය ඉක්මවයි 2026 වසරේ පළමු මාස හය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 9 ඉක්මවා තිබෙන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 14 October 2026
විශ්වාසභංග විවාද තීරණයට පක්ෂ නායක රැස්වීමක් සිකුරාදා කතානායක ජගත් වික්රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා ආකාරය පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ලබන 16 වැනිදා සිකුරාදා පැවැත්වේ. 14 October 2026
කබ්රාල් CIDයට හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැදවා ඇත. 14 October 2026
ජනපතිගෙන් සෞදි අරාබියට තුති ශ්රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාට නිදහස ලබාදීම ගැන සෞදි අරාබි රජයට අවංක කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ස් සටහනක් තබමින් සඳහන් කරයි. 14 October 2026
බන්ධනාගාර ආඥාපනතේ නිත්ය නියෝග වෙනස් කරන වාර්තාව බාරදෙයි බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ අතුරු වාර්තාව අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙනු ලැබීය. 14 October 2026
කළ යුතු දේ පනතේ පැහැදිලිව තිබියදී කමිටු පත් කළේ කුමටද? සිරගතවූ භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාමේදී අනුගමනය කළ යුතු විධිවිධාන බන්ධනාගාර පනතේ නිත්ය නියෝග 550 හි පැහැදිලිව දක්වා තිබියදී රජය කමිටු පත් කළේ කුමටදැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්රශ්න කරයි. 14 October 2026
ලෝක බැංකු නියෝජිතයෝ ජනපති කාර්යාලයට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 14 October 2026
අනෝජන්ගේ මරණ දඬුවම අත්හිටුවයි සෞදි අරාබියේදී මරණ දඩුවමට නියමවී සිටි අනෝජන් සිවරසා නැමැති ලාංකික තරුණයාට සෞදි අරාබියේ මහේස්ත්රාත් අධිකරණය විසින් මීට පෙර පනවන ලද මරණ දඬුවම එරට ශ්රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය හා ත්රිකුණාමල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අරුන් හේමචන්ද්රා මහතා පැවසීය. 14 October 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026