නාකොළගනේ වන විනාශය හමුවේ නිහඬ වූ බලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
නාකොළගනේ පුරාණ රජමහා විහාරය අවට පිහිටි වනාන්තර එළි පෙහෙළි කර වාණිජ වගාවන් සඳහා පුද්ගලික පාර්ශවයන්ට ලබාදීමට එම විහාරයේ විහාරාධිපති හිමියන් ගනු ලැබූ පියවර වැළැක්වීමට කටයුතු නොකිරීම මගින් වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ වයඹ පළාත් පරිසර අධිකාරිය එහි ප්‍රදේශවාසීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.