
(අංජුල මහික වීරරත්න)
භික්ෂුන් වහන්සේලාගේ චීවරය ගැලවීම කිසිසේත් උසාවියට සම්බන්ධ කාර්යයක් නොවේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්ය හමුවකදී පැවසීය. එය කළ යුත්තේ බුද්ධ ධර්මයේ ගැබ්වෙලා තිබෙන විනය රීති වලට අනුකූලව බව කී පීරිස් මහතා භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් වන නීති සහ රීති පැහැදිලිව බුද්ධ ශාසනයේ දක්වා තිබෙන බව සඳහන් කළේය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්ය හමුවේදී අදහස් දක්වමින් ජී.එල් පීරිස් මහතා මෙසේද කීය.
ඥානසාර හිමියන්ට උසාවියෙන් පනවා තිබෙනවා අවුරුදු හයක සිරදඬුවමක්. එය රටේ නීතිය ක්රියාත්මක කරමින් උසාවිය විසින් පනපු දඬුවමක්. ස්වාමීන් වහන්සේගේ සිවුර ගැලවීම ඊට හාත්පසින් වෙනස් දෙයක්.
උපසම්පදාව ප්රතික්ෂේප කරනවා නම්, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ස්වේච්ඡාවෙන් ප්රතික්ෂේප කරනවා නම්, සිවුර ගැලවෙනවා. නමුත් භික්ෂුවගේ කැමැත්තට පටහැනිව සිවුර ගලවන්න පුළුවන් වන්නේ පාරාජිකා තත්ත්වයට පත්වුණොත් පමණයි. පාරාජිකා හතරයි තියෙන්නේ. කාම සේවයේ යෙදීම, සොරකම් කිරීම, මනුෂ්ය ඝාතනය හා තමන් තුළ නැති ගුණයක් හෝ සුදුසුකමක් ආරෝපණය කර ගැනීම. මේ හතර තමයි පාරාජිකා තත්ත්වයට පත්වෙන්න බලපාන්නේ. මෙන්න මේවායින් එකකට වරදකරු වුණොත් පමණයි මේ භික්ෂුවගේ කැමැත්තට විරුද්ධව සිවුර ගැලවීමට පුළුවන් වන්නේ.
මේ පාරාජිකා හතරෙන් එකකට වරදකරු වුණොත් බුද්ධ ධර්මයේ යම්කිසි උපමාවක් පාවිච්චි කර තිබෙනවා. උපමාව තමයි තල් ගහක් කරටියෙන් කඩා දැමීම. ඒ හතරෙන් එකක් සිද්ධ වුණා නම් එය නැවත නිවැරදි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, එය සදාකාලිකයි. එම නිසා ඒ චීවරය ගැලවීම උචිත වෙනවා.
නමුත් ඒ පිළිබඳ තීරණය අයත් වන්නේ අදාළ නිකායේ මහනායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ සංඝ සභාවට යි. ඕනෑම භික්ෂුවක් යම් කිසි නිකායකට අයත් වෙනවා. ඒ නිකායේ මහනායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ සංඝ සභාවට පමණයි සිවුර ගැලවීමේ අයිතිය තියෙන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ භික්ෂුන් වහවහන්සේලා බෞද්ධ විනය නීති අනුව ජීවත් වෙනවා නම් සිරගත වෙන්න සිද්ධ වෙන්නේ නෑ නේද?ඒ ගැන කතා නොකර දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව ආගම පිළිඹඳව හැඟීම් ඇවිස්සීමට කටයුතු කිරීම පිලිකුල් සහගත ක්රියාවකි.
ඉති කොටපුතේ අර රහත් කියල කියාගන්න පිටිමකුනා පාරාජිකා වෙලානේ ඉන්නේ. ඇයි එලවන්නැත්තේ???
චීවරය ඇඳගෙන ඉන්නා පූජ්ය පක්ෂයේ අය සහ සමාජ ක්රියාකාරීන් චීවරය ගැලවිය යුතු ක්රමය ගැන කතා කරනවාට වඩා කතා කළ යුත්තේ චීවරයේ ගෞරවය රැකෙන පරිදි සහ අපවත් වෙනකම් චීවරය නොගැලවෙන විදියට සමාජයේ හැසිරෙන්න, කටයුතු කරන්න ඕනෑ කොහොමද කියලයි මම යෝජනා කරන්නේ.
ඒ කියන්නේ කවුරු හරි හිමි නමක් වැරදිකරුවෙක් වුණොත් එයාව හාමුදුරුකමෙන් අයින් කළ යුතුයි කියන එකද? ඉන් පස්සෙද එයාව හිරගෙට යැවිය යුත්තේ? මේක නම් හොඳ අදහසක්.
එහෙම බැලුවොත් ලංකාවේ ඉන්න ස්වාමින් වහන්සේලා වැඩිම පිරිසක් පාරාජිකා වෙලා තමයි. 1. කාම සේවය කිරිම (අටමස්ථානයේ සිට පහලට) 2. සොරකම් කිරීම (සියයට 90 ක්ම) 3. තමන් තුල නැති සුදුසුකමක් ආරෝපණය කිරීම (රහත් වූ ස්වාමින් වහන්සේලා, බුදු වුනු හාමුදුරුවරුන්) එතකොට අපේ මහත්තයා ඒ ගැන අදහසක් කියන්න කෝ....
ජෙප්පොන්ට පුලුවන් සිවුරු ගලවන්න විතරයි
හරියට විනය බැලුවොත් 5% ක් වත් ඉතුරු වෙන එකක් නෑ
Fox, දායක දායිකාවන්ටත් පුළුවන්. විශේෂයෙන්ම දායිකාවන්ට
රටේ ඇත්ත තත්ත්වය වහලා මේ මිනිස්සු කොහොම කතා කරනවාද මන්දා? සමහර භික්ෂූන්ගේ විනය අන්තිමටම පිරිහිලා. ඒත් ඒ ගැන කතා කරලා විසඳුමක් දෙන්නේ නැතුව, සිවුර ගලවන්න පුළුවන් කාටද කියන එක ලොකු කරගෙන.