අනෝජන්ගේ මරණ දඬුවම අත්හිටුවයි සෞදි අරාබියේදී මරණ දඩුවමට නියමවී සිටි අනෝජන් සිවරසා නැමැති ලාංකික තරුණයාට සෞදි අරාබියේ මහේස්ත්රාත් අධිකරණය විසින් මීට පෙර පනවන ලද මරණ දඬුවම එරට ශ්රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය හා ත්රිකුණාමල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අරුන් හේමචන්ද්රා මහතා පැවසීය. 14 October 2026
විද්වතුන්ගේ වාර්තාව මැතිසබා ඡන්ද කමිටුවට මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කෙරිණි. 14 October 2026
ග්රීසියේ ඇමෙරිකන් තානාපතිට ධුරයෙන් යන්නැයි ට්රම්ප් කියයි ග්රීසියේ ඇමෙරිකා තානාපතිනිය කිම්බර්ලි ගිල්ෆොයිල්ට වහාම සිය ධුරයෙන් ඉවත් වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නියෝග කර තිබේ. 14 October 2026
සෞදි කුමරු ඊශ්රායල අගමැතිට ‘බෑ’ කියලා යේමනයේ හූති සටන්කාමීන්ට එරෙහි සටනේ දී සෞදියට සහාය දැක්වීමට තමන් කැමැති යැයි ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුන්ට පවසා ඇති නමුත්, සෞදි කුමරු ඊශ්රායලයෙන් සහාය ලබා ගැනීම ප්රතික්ෂේප කර ඇත. 14 October 2026
පාප්තුමාගේ ගැටිත්ත පිළිකාවක් යැයි බියක් ශුද්ධෝත්තම, 16 වැනි ලියෝ පාප්තුමන්ගේ දකුණු පෙණහල්ලේ තිබූ කුඩා ගැටිත්ත, ඉවත් කළ බවත්, එම සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිවේදනය කළේය. 14 October 2026
මත් කුඩු තබා ගත් පොලිස් නිලධාරියා ගෙදර විෂ මත්ද්රව්ය භාවිත කළ බව කියන කොළඹ බ්ලූමැන්ඩල් පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව කොළඹ උතුර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 14 October 2026
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්රතිපත්ති අධ්යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික ආයෝජන වැඩි කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීම අත්යවශ්ය බව ශ්රී ලංකා ප්රතිපත්ති අධ්යයන ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. 13 October 2026
දිවයිනේ වැසි තත්වය තවත් වැඩිවිමක් දිවයින ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 13 October 2026
චාමරයි නාමලුයි එකම සිර කුටියකට! රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරැණු පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා රදවා සිටින වාට්ටුවේ රැදවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේය . 13 October 2026
ඥානසාර හිමිට නිදහස පතා ආ පා ගමන අද නිට්ටඹුවට ‘‘චීවරයට යුක්තියත් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහසත්‘‘ යන තේමාව මුල් කරගෙන මහනුවරින් ආරම්භ කෙරුණු පාද යාත්රාව අද උදෑසන 9.30 ට පමණ වරකාපොළ නගරයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරය දක්වා ගමන් කළේය. 13 October 2026
මූල්ය අරමුදල එක්ක අළුත් එකඟතාවක් ශ්රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා ජත්යන්තර මූල්ය අරමුදල සමග අලුත් එකඟතාවකට යා හැකි නම් ඊට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 - ශ්රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව අමතමින් පැවසීය. 13 October 2026
‘‘ගම්මන්පිලගේ ප්රකාශය ගැන පරික්ෂණයක් කරනවා‘‘ බන්ධනාගාර ගත කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිවුර ඉවත් කිරීමේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා සිදු කළ කරුණු දැක්වීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව කැබිනට් මාධ්ය ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 13 October 2026
කොළඹ ශුද්ධ පවිත්රතාවය ගැන අගමැතිනියගෙන් හදිසි නියෝගයක් සුවිශේෂී තත්ත්වයක් සේ සලකා ඉදිරි සති දෙක තුළ කොළඹ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් සුද්ධ පවිත්ර කරන්නැයි අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය. 13 October 2026
ගම්පහ පාසල් 47කට ලක්ෂ 47ක ක්රීඩා උපකරණ පාසල් ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නංවමින් ක්රීඩා පුහුණුව වඩාත් විධිමත් කිරීමේ අරමුණින්, ගම්පහ දිස්ත්රික්කයේ තෝරාගත් පාසල් 47ක් සඳහා එක් පාසලකට රුපියල් ලක්ෂය බැගින් වටිනා ක්රීඩා භාණ්ඩ හා ව්යායාම උපකරණ කට්ටල බෙදාදීම අද (12) දින ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. 13 October 2026
සමූපකාර සේවක කොමිෂන් පනත සංශෝධනයට සමූපකාර සේවක කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 October 2026
ශිරන්තී යළි රිමාන්ඩ් හෘද රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ජාතික රෝහලේ ප්රතිකාර ලබන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්තී රාජපක්ෂ මහත්මියට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්රතික්ෂේප කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා සැකකාරිය ලබන 16 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. 13 October 2026
ලංකාවේ ආයෝජනය කරන්න විශ්වාසයෙන් එන්න ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැඟීම වෙනුවෙන් විනිවිදභාවයෙන් යුත් පාලන ක්රමවේදයක් පවත්වාගෙන යාමට අවශ්ය නීති හා රෙගුලාසි සම්පාදනය කිරීම සහ අත්යවශ්ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය කැපවී සිටින බැවින් විශ්වාසයෙන් යුතුව ශ්රී ලංකාවේ ආයෝජන සඳහා එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙස්, විදෙස් ව්යාපාරික ප්රජාවට ඇරයුම් කළේය. 13 October 2026
කැලණි ගං පොම්පාගාරය අලුත් කරන්න ජපානෙන් ලොකු උදව්වක් කැලණි ගංගා ද්රෝණියේ පොම්පාගාරය වැඩි දියුණු කිරීම සඳහා ජපාන රජයෙන් ප්රදාන ආධාරයක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 October 2026
හොරණ අයවැය සම්මතයි සභාපතිවරයාගේ තීරක ඡන්දය ද සමඟ ආණ්ඩු පක්ෂයට ඡන්ද හතක් සහ විපක්ෂයට ඡන්ද හයක් ලැබීමෙන් හොරණ නගර සභාවේ 2027 අයවැය වැඩි ඡන්දයකින් සම්මත කර ගැනීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩු පක්ෂයට හැකි විය. 13 October 2026
2027 පාසල් දරුවන්ට ලිපිද්රව්ය දීමනාවක් 2027 පාසල් වර්ෂය සඳහා පාසල් ළමුන්ට ලිපිද්රව්ය දීමනාව ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්ය ප්රකාශක අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 13 October 2026
කාර්මික අධ්යාපන අධ්යක්ෂ ජනරාල් පත් කරයි කාර්මික අධ්යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 October 2026
ජලසම්පාදනය ප්රතිසංස්කරණට මූල්ය පහසුකම් ජලසම්පාදන හා සනීපාරක්ෂක ප්රතිසංස්කරණ වැඩසටහන (උප වැඩසටහන 2) සඳහා මූල්ය පහසුකම් සලසා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. 13 October 2026
ආසියා - පැසිෆික් ප්රතීතන කොමිසම සමග නව ගිවිසුමක් ආසියා - පැසිෆික් ප්රතීතන සහ සහතික කිරීමේ කොමිෂන් සභාව සහ ශ්රී ලංකාවේ කෘතියික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. 13 October 2026
නාමල් යළි රිමාන්ඩ් ශ්රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බල ඇණියක් මිලදී ගැනීමේ ගනුදෙනුවේ දී යුරෝපීය ගුවන් සමාගමකින් රුපියල් කෝටි දහයක (මිලියන 100) අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්රතික්ෂේප කල කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරු ලබන 27 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කළේය. 13 October 2026
වැලිගම අය වැය පරාදයි වැලිගම පාදේශිය සභාවෙි 2027 අය - වැය වාර්තාව වැඩි ජන්ද එකකින් පරාජයට පත් විය. 13 October 2026
කොමිසම ගල්අඟුරු හිටපු සභාපතිගෙන් ප්රශ්න කරයි ගල්අඟුරු කොමිසම ගල්අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයකු වන මේනක ලියනගේ මහතාගෙන් ප්රකාශයක් සටහන් කර ගත්තේය. 13 October 2026
කොකෙන් සමග කතුන් දෙකක් ඇතුළු හයක් මාට්ටු රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් කිලෝවකට වැඩි ප්රමාණයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු ජැමෙයිකානු ජාතිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 13 October 2026
ශිරන්තිගේ නඩුව සවස 2 තෙක් කල් තබයි කාන්තා හා ළමා සුභ සිද්ධිය වෙනුවෙන් ආරම්භ කළ ’’සිරිලිය සවිය’’ සමාජ සත්කාරක ආයතනයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්තී රාජපක්ෂ වික්රමසිංහ මහත්මිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ විවෘත හෘද සැත්කමකට භාජනය කර ඇති බව ජනාදීපති නීතිඥ අනිද්ද සිල්වා මහතා කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා හමුවේ කරුණු දක්වමින් අද පැවසීය. 13 October 2026
හූතිලාට ‘රිද්දන්න’ ට්රම්ප් සූදානම් දිගින් දිගටම සෞදියට මිසයිලවලින් සහ ඩ්රෝනවලින් පහර දෙන ‘හූති’ සටන්කාමීන් ‘මට්ටු කිරීමට’ තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි. 13 October 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026