ඉෂාරා සෙව්වන්දි අඟුණකොළේට ගණේමුල්ල සංජිව ඝාතනයේ සැකකාරියක වන ඉෂාරා සෙව්ව්න්දි වැලිකඩ බන්ධනාගාරයේ සිට ඊයේ රාත්‍රි අගුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත ගෙන ආ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 14 August 2026
වත්තල සාදයේ වෙඩික්කරුවන් ඉන්දියාවේන් පිටුවහල් කරයි වත්තල ප්‍රදේශයේ හෝටලයක ඉකුත් 23 දින රාත්‍රී පැවති උපන් දින සාදයකට කඩා වැදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර , පසුව බෝට්ටුවක් මගින් ඉන්දියාවට පළා ගොස් සිටියදී එරට ආරක්ෂක අංශ මගීන් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මෙටරටට පිටුවහල් කර කළේය. 14 August 2026
විභාග කොමසාරිස්වරියගෙන් විශේෂ දැනුම් දීමක් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අංඩගු පැකැට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදු කර නොමැති හෙයින් ව්‍යාජ තොරතුරු වලින් කලබලයට පත් නොවී අද(14) දිනයේ නියමිත කාලසටහනට අනුව විභාගයට මුහුණ දෙන ලෙස සියලුම විභාග අපේක්ෂකයින්ට කාරුණිකව දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය. 14 August 2026
ප්‍රශ්න පත්‍ර පිටවිමක් නෑ, නියමිත පරිදි විභාගයට මුහුණ දෙන්න අද දින පැවැත්විමට නියමිත උසස්පෙළ විභාගයේ කිසිම ප්‍රශ්න පත්‍රයක් පිටවි නොමැති බවත් ව්‍යාජ තොරතුරුවලට කලබලයට පත්නොවි විභාගයට මුහුණ දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. ඇය පවසන්නේ ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදුකර නෙමැති බවයි. 14 August 2026
කාර්යබහුලම ගුවන්තොටුපළ: ඉන්චියොන් ලොව කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමට දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන්තොටුපළ සමත්ව ඇත. ඉන්චියොන් ගුවන්තොටුපළ ලොව කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම් කෙරුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. 14 August 2026
කුරිල් දූපතට ගිය පුටින්ට විරෝධය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ජපානය අයිතිය ඉල්ලන, රුසියාවට අයත් කුරිල් දූපත් සමුහයේ, ඉටුරුප් දූපතේ කළ සංචාරයට ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකායිචි ප්රමුඛ රජයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. 14 August 2026
අප්‍රිකාවේ ඉබෝලා පාලනය අසීරුයි අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ නැගෙරහිර පළාත්වල සීඝ්රයෙන් පැතිරෙන, මාරාන්තික ඉබෝලා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම ගැටලුවක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගෙබ්‍රියේසිස් අනතුරු අගවයි. 14 August 2026
පාස්කු බෝම්බ නඩුවේ පැමිණිල්ලේ සාක්කි අවසන් පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරුමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මවුලවිවරුන් ඇතුළු 25 දෙනාගෙන් විත්තිවාසික කැඳවීමට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ මිනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 13 August 2026
එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන රජය තවදුරටත් සෙවිය යුතුයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුව ඇති හානිය සම්බන්ධව රජය තවදුරටත් සොයා බැලිය යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ අද(13) පැවසූහ. 13 August 2026
හිටපු මන්ත්‍රීනියගේ බෝට්ටුවලට වරායකින් ණයට තෙල් ගහලා කොඩ්බේ ධීවර වරාය නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරියකගේ ධීවර යාත්‍රා සහ වාහන සඳහා ඩීසල් ණයට සපයා ඇතත් ඒ වෙනුවෙන් ලැබිය යුතු රුපියල් ලක්ෂ දාහතරකට ආසන්න මුදලක් මෙතෙක් අය කර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 13 August 2026
ඩෙංගු 68ක් බිලිගනියි ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 13 August 2026
ජපන් මිත්‍රත්ව සංගමය ජනපති ලේකම් හමු වෙයි ශ්‍රී ලංකා - ජපන් මිත්‍රත්ව සංගමයේ සභාපති Inoue Naoki මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයින් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. 13 August 2026
නව ඇමෙරිකානු තානාපති දිවුරුම් දෙයි ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මයර් මහතා නිල වශයෙන් ඊයේ (12) දිවුරුම් දුන් බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (13) ප්‍රකාශ කළේය. 13 August 2026
ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්යසාධක බලකාය රැස් වෙයි “ක්ලීන් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ එම බලකායේ සාමාජිකයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 13 August 2026
ඒකාබද්ධ විපක්ෂයෙන් ජනපතිට ලිපියක් රජය විසින් යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් ඉදිරිපත් කරමින් පවසයි. 13 August 2026
වෙනසක් කර තනතුර අහිමි වුනොත් යන්න ලෑස්තියි අවදානමක් දරාගෙන කරන වෙනසක් හමුවේ තම තනතුර අහිමි වෙනවා නම් පිටත් වී යන්නට ලෑස්ති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 13 August 2026
මවක් තම සිව් හැවිරිදි දියණිය වත්තේගම නගරයේ දමා යයි වත්තේගම නගරයට ත්‍රිරෝද රථයකින් ආ මවක ඇගේ සිව් හැවිරිදි දරුවා අතහැර දමා ගොස් සිටියදී නගරවාසීන් විසින් එම දැරිය පොලිසියට භාරදී තිබේ. 13 August 2026
චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අද අල්ලස් කොමිසම වෙත කැඳවූ බව ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය 13 August 2026
බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ වෙඩික්කරුවන් ආ යතුරු පැදිය ඌරුබොක්කෙන් හමුවේ සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරුපැදියක්, රතු,කළු පාට හෙල්මට් දෙකක් සහ කළු බෑගයක් සමග ඌරුබොක්ක මාතර ප්‍රධාන මාර්ගයේ දම්පහල නාරම්පොල ප්‍රදේශයේ බෝක්කුවක් අසල තේ ඉඩමකට දමා ගොස් තිබියදී අද උදෑසන ඌරුබොක්ක පොලීසිය විසින් සොයාගෙන ඇත. 13 August 2026
වෘත්තීය අධ්‍යාපනයට සම වටිනාකමක් දෙනවා ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන පද්ධතිය තුළ වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය සමාන වටිනාකමක් සහ ගෞරවයක් සහිත අධ්‍යාපන මාර්ගයක් ලෙස පිළිගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 13 August 2026
ඩෙංගු රෝගින් 91059, මරණ 98 මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගින් සංඛ්‍යාව 91059ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි. වාර්තා වි ඇති මරණ සංඛ්‍යාව 68කි. වැඩිම රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒම අගය 19406කි. පළාතක් වශයෙන් රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වි ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම අගය 48244කි. 13 August 2026
රට පුරා හොර ගිනිඅවි ලක්ෂයක් රට පුරා අනවසර ගිනි අවි 80000ත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් සංසරණය වන බවට ආරක්ෂක අංශ නිලධාරීහු අනුමාන කරති. 13 August 2026
කටකතා බොරු: ඉම්රාන් යහතින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ දී මියයන්න ඇතැයි පාකිස්තාන මාධ්‍යවේදියකු කළ ප්‍රකාශයක් හේතුවෙන් මහත් ආන්දෝලනයක් නිර්මාණය වී ඇත. 13 August 2026
ට්‍රම්ප්ගේ කටකාර මාධ්‍ය ලේකම්වරිය ධුරයෙන් යයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ කැරොලින් ලීවිට් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළාය. මේ බව ප්නිවේදනය කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. කැරොලින් දැඩි ට්‍රම්ප් හිතවාදිනියකි. 13 August 2026
පියාගේ අභාවය නිසා මෙසී පාපන්දු පිටියට සමුදෙයිද? සිය ක්‍රීඩා දිවිය ඉදිරියට ගෙන යාම පිළිබඳව සැකයක් මතු වී ඇති බව ලියොනල් මෙසී ඊයේ ප්‍රකාශ කළේය.පසුගිය සතියේ සිදුවූ සිය පියාගේ අභාවයෙන් පසු සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු මේ බව පවසයි. 13 August 2026
හිටපු අගමැතිවරයෙකු මන්ත්‍රීවරයෙකු ජනපති අරමුදලේ කෝටි දෙක හමාරකට පොලු තියලා ජනාධිපති අරමුදලින් හිටපු අගමැතිවරයෙකුට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නැවත අය කර ගැනීමේ පදනම මත දුන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් මෙතෙක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙයි. 13 August 2026
යුරෝපයට දිස්වූ අලංකාර සූර්යග්‍රහණය යුරෝපයට වසර 30 කට ආසන්න කාලයක් තුළ දක්නට ලැබෙන ඉතාමත් අලංකාර සූර්යග්‍රහණයක් ඊයේ දක්නට ලැබුණි. පරම්පරාවකට වරක් සිදුවන මෙම සිදුවීම මිලියන ගණනක් ජනතාව දැක බලා ගත්තේය. 13 August 2026
බැක්ටීරියාවක් නිසා ඉන්දියාවේ සමාගමක් අක්ෂි බෙහෙත් 11 ක් වෙළෙඳපොළෙන් අයින් කරලා ඉන්දීය අක්ෂි වෛද්‍ය සංගමය රෝගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පසු සන් ෆාමා සමාගම සිය අක්ෂි ඖෂධ නිෂ්පාදන 11ක් පසුගිය ජූලි මාසයේදී ආරක්ෂිත පියවරක් ලෙස එරට වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පසුගියදා වාර්තා කළේය. 12 August 2026
ඩෙංගු ටිකක් මට්ටු වෙලා ඩෙංගු මර්දන වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු ආසාදිතයන් දෛනිකව වාර්තාවීම 300 මට්ටම දක්වා අවම වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 12 August 2026
පෑවිල්ලෙන් තිස් නවදාහක් පීඩාවට දිවයින පුරා වියළි කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයකට අයත් පවුල් 12,182ක 39,019 දෙනකු දැඩි බලපෑමට ලක්ව ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා පවසයි. 12 August 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026