(චමිලා අල්විස්)

සභාපතිවරයාගේ තීරක ඡන්දය ද සමඟ ආණ්ඩු පක්ෂයට ඡන්ද හතක් සහ විපක්ෂයට ඡන්ද හයක් ලැබීමෙන් හොරණ නගර සභාවේ 2027 අයවැය වැඩි ඡන්දයකින් සම්මත කර ගැනීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩු පක්ෂයට හැකි විය.

විපක්ෂ මන්ත්‍රීවරයකු නිසි ක්‍රමවේදයට අනුව නිවාඩු අනුමත කරගෙන විදේශගතව සිටියදී හොරණ නගර සභාවේ අයවැය ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කිරීම අසාධාරණ බවට විපක්ෂ මන්ත්‍රීවරු සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි මහතාට චෝදනා කළහ.

2027 අයවැය හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි මහතා විසින් අද 13 හොරණ නගර සභාවේ සභික ශ්‍රවණාගාරයේදී ඉදිරිපත් කළේය.