
(රෝෂන් තුෂාර)
හෘද රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්තී රාජපක්ෂ මහත්මියට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකාරිය ලබන 16 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
රෝහල් ගත කර ඇති සැකකාරියට විවෘත හෘද සැත්කමක් කරන බවට ඔහුගේ නීතිඥවරයා මුලින් ඉදිරිපත් කළ ස්ථාවරය අනුව අදාල තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා කැඳ වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් කියා සිටියේ ජීවිත අවදානම් රෝගී තත්ත්වයක් ඇති බවට වෛද්‍යවරු සඳහන් කර නොමැති බවය. මේ අවස්ථාවේදී ඇයට විවෘත හෙද සැත්කමක් නොකරන බවත් , කිරීමට නිර්දේශ කර ඇති බවත් පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් සැකකාරිය රෝගී තත්ත්වයෙන් පසු වන බැවින් අධිකරණයට හෝ පිටතට ගෙන යෑමට නොහැකි බවට වෛද්‍යවරු සඳහන් කරන බැවින් අදාළ රෝගී තත්ත්වය පිළිබඳව තවදුරටත් වෛද්‍ය වාර්තා මඟින් තහවුරු කර ගත යුතු බව පෙන්වා දුන්නේය.
ඒ අනුව සැකකාරියගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එය සලකා බලා ලබන සිකුරාදා දින ඇප ලබාදීමේ නියෝගය නිකුත් කරන බව දන්වා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd