
(තරංග ගුණරත්න)
වැලිගම පාදේශිය සභාවෙි 2027 අය - වැය වාර්තාව වැඩි ජන්ද එකකින් පරාජයට පත් විය.
වැලිගම පාදේශිය සභාවෙි සභාපති (ජාතික ජන බල වෙිගය) චින්තක හේවාපතිරණ මහතා ප්‍රධානත්වයෙන් සභාවේ කටයුතු අද ආරම්භ කළේය.
මෙහිදී සභාපති චින්තක හේවාපතිරණ මහතා විසින් 2027 වර්ෂයට නියමිත අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කළ අතර එහිදි එහි යෝජනා සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ( සර්වජන බල පක්ෂය ) සහ රොබින් සංඛ ( පොදු ජන එක්සත් පෙරමුණ ) විසින් අය - වැය වාර්තාව පිළිබදව අගය කලහ.
කෙසේ නමුත් අනතුරුව සභාපතිවරයා විසින් 2027 වර්ෂය අයවැය සඳහා සභාවේ ජන්ද විමසු අවස්ථාවේදි ජාතික ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායම අය වැයට පක්ෂව ජන්ද 22 ලබා දුන් අතර සමගී ජන බල වෙිගය ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
එ අනුව 2027 අයවැය වාර්තාව වැඩි ඡන්ද එකකින් (01 ) පරාජය කිරීමට විපක්ෂ කණ්ඩායම කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd