
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අලුත් එකඟතාවකට යා හැකි නම් ඊට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 - ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව අමතමින් පැවසීය.
ලංකාව ශ්‍රේණිගත කිරීම්වල (ratings) ඉහළට පැමිණියද, විදේශ සංචිත තවදුරටත් අපේක්ෂිත මට්ටමට වර්ධනය කරගත යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී කීය.
අයි.එම්.එෆ් සමඟ පැවති පළමු විස්තීරණ ණය පහසුකම් (EFF) අවුරුදු හතරේ වැඩසටහනේ මූලික ඉලක්කය වූයේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම බව කී ජනාධිපතිවරයා එම ස්ථාවරත්වය සාර්ථකව ළඟා කරගෙන ඇති අතර, ඊළඟ පියවර වන්නේ එම ස්ථාවරත්වය ආරක්ෂා කරගනිමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම
බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd