
(රුවන් පතිරණ,සමන් විඡය බණ්ඩාර සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
‘‘චීවරයට යුක්තියත් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහසත්‘‘ යන තේමාව මුල් කරගෙන මහනුවරින් ආරම්භ කෙරුණු පාද යාත්‍රාව අද උදෑසන 9.30 ට පමණ වරකාපොළ නගරයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරය දක්වා ගමන් කළේය.
මෙම නිදහසේ පා ගමන මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට වාරියපොළ සුමංගල හිමි පිළිරුව අසලින් ඉකුත් 10 වැනි දා ආරම්භ වූ අතර එහි සිවුවැනි දිනය අද විය.
මහා සංඝරත්නය හීල් දානය වළදා වරකාපොළ පිළාඩුව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුව අද උදෑසන ආරම්භ වූ පා ගමන සඳහා බලංගොඩ කස්සප, උලපනේ සුමංගල, මඩිල්ලේ පඤ්ඤාලෝක හිමිවරුන් ඇතුළු මහ සංඝරත්නයේ 50 නමකට ආසන්න හිමිවරු පිරිසක් හා ගිහියෝ විශාල පිරිසක් ද එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd