
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බල ඇණියක් මිලදී ගැනීමේ ගනුදෙනුවේ දී යුරෝපීය ගුවන් සමාගමකින් රුපියල් කෝටි දහයක (මිලියන 100) අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරු ලබන 27 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කළේය.
සැකකරුට එරෙහිව කඩිනමින් මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අධි චෝදනා ගොනු කරන බවට අල්ලස් කොමිසම මගින් කරුණු ඉදිරිපත් කරන හෙයින් ඇප ලබා දිය නොහැකි බවත්, සැකකරුට නොපමාව අධි චෝදනා ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුගේ මව හා පියාගේ රෝගී තත්ත්වයන් හේතුවෙන් සැකකරුට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ අදාල රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් අදාල නිල සහතික මත මෙතෙක් අධිකරණය දැනුවත් වී නොමැති බවය. මාධ්‍යයේ පළ වූ පමණින් අධිකරණයට තීන්දු තීරණ ගත නොහැකි බවද පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd