සෞදි ගුවන්තොටුපොළවලට භාවිතයෙන් වළකින්න සෞදියේ ගුවන්තොටුපොළ භාවිතා කිරීමෙන් වැළකින්නැයි යේමනයේ ප්රචණ්ඩ ක්රියා සිදු කරන ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්, විදේශිකයන් ඇතුළු සියලු ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 12 October 2026
කයිබර් පක්තුන්ක්වා ප්රාන්තයට හදිසි තත්ත්වයක් පාකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා ප්රාන්තයට හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කිරීමට පාකිස්තාන මධ්යම රජයේ බලධාරීන් පියවර ගෙන ඇත. 12 October 2026
සංක්රමණික මගී යාත්රාවක් පෙරැළී 139 ක් මරුට අප්රිකාවට අයත්, ජිබුටි රාජ්යයේ ඔබොක් වරාය නගරයට ඔබබෙන් මුහුදේ අනවසර සංක්රමණිකයන් රැගත් යාත්රාවක් ගිලී යෑමෙන් කුඩා දරුවන් 15 දෙනකු ද ඇතුළු 139 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. යාත්රාව මුහුදේ ගිලී යද්දී එහි 305 දෙනෙක් සිට ඇත. 12 October 2026
තුර්කියේ දරුවන්ට සමාජ මාධ්ය තහනම් වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්ය භාවිතය තහනම් කිරීමට තුර්කි රජය ද පියවර ගෙන ඇත. ඒ අනුව, ලබන නොවැම්බර් 1 වැනිදා සිට මෙම තහනම ක්රියාවට නැංවෙයි. 12 October 2026
පොලන්ත අගමැති ඝාතන කුමන්ත්රණයක් පෝලන්ත අග්රාමාත් ඩොනල්ඩ් ටුස්ක් සහ ආරක්ෂක අමාත්ය ව්ලැඩිස්ලාව් කොසිනියැක්-කාමිෂ් ඝාතනය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි පෝලන්ත බුද්ධි අංශ පවසයි. 12 October 2026
පෙණහල්ලක ගැටිත්තක්: පාප්තුමා රෝහලේ ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා රෝහල්ගත කළ බවත්, ඔහුට සැත්කමක් සිදු තකිරීමට නියමිත බවත් වතිකානය නිවේදනය කර ඇත. 12 October 2026
ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රටවල් අතරට ලංකාවත් ආසියානු සංවර්ධන බැංකුවේ 2026 සැප්තැම්බර් ආර්ථික ඉදිරි දැක්ම වාර්තාවේ දත්ත පදනම් කරගෙන සකස් කළ ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් 18ක ලැයිස්තුවට ශ්රී ලංකාවද ඇතුළත්ව තිබේ. 12 October 2026
හූති කැරලිකරුවන්ට පහර දෙන්න ඇමෙරිකාවත් සූදානම් යේමනයේ ක්රියාත්මක ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය එල්ල කරන ප්රහාරවලට ඇමෙරිකාව එක්වීමට ඉඩ ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පසුගියදා ප්රකාශ කළේය. 12 October 2026
වසරකට 3000ක් මඟ මරුවාට බිලි ශ්රී ලංකාවේ රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව 3000 කට අාසන්න සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්වන බව ප්රවාහන හා මහාමාර්ග අමාත්යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි. 12 October 2026
ගිනි අවියක් සමග අයෙක් මාට්ටු විදේශිය රටක නිෂ්පාදිත ගිණි අවියක් සහ එහි උණ්ඩ 06ක් සමග සැකකරුවකු විරකැටිය පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති බව දකුණු පළාත් බාර නියෝජ්ය පොලිස්පති කාර්යාලය පවසයි. 12 October 2026
පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්රදේශීය ලේකම් බල ප්රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 11 October 2026
පෞද්ගලික අංශයේ තෙල් ඒකාධිකාරිය කඩන්න අලුත් පියවරක් පෞද්ගිලික අංහයේ ඉන්ධන ඒකාධිකාරිය පවතින ප්රදේශ ආශ්රිතව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීමට අවශ්ය පියවර ගන්නා බව බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා කොළඹදී පැවසිය. 11 October 2026
කලගුණයේ ලොකු වෙනසක් අනිද්දා වන විට නිර්මාණය විය හැකියි ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව අනිද්දා(13) දිනය වනවිට අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 11 October 2026
නියෝග සම්මත වූ සැණින් චීවරය දරා එළියට වඩින්න අවසර බන්ධනාගාර ගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීමෙන් අනතුරුව අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත භික්ෂුන් වහන්සේලා චීවරය සහිතව බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යාමට කටයුතු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 11 October 2026
අයවැය සහන ගැන ජනපති කියයි 2027 ජනවාරියේ රාජ්ය සේවකයන්ගේ වැටුප වැඩිවෙන අතර රුපියල් 38000 ක් ගත් ගුරුවරයකුගේ වැටුප රුපියල් 65000කට ආසන්න ප්රමාණයකට වැඩිවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටිය ජන රැළියේදී පැවසීය. 11 October 2026
කොළඹ මාලිගා කුමන්ත්රණ වලට බය වෙන්නෙ නෑ කොළඹ මාලිගා කුමන්ත්රණවලට මාලිමා ආණ්ඩුව බය වන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටිය ජනරැළිය අමතමින් අද (11)පැවැසීය. 11 October 2026
IOC සමාගමට මාස තුනට කෝටි 200ක පාඩුවක් මැද පෙරදිග අර්බුදයත් සමග ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉන්ධන සහනාධාරය නොමැතිව ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස තුනේදී ඉන්ධන අලෙචි කිරීමට සිදුවීම හේතුවෙන් ලංකා අයි.ඕ.සී සමාගමට පමණක් රුපියල් කෝටි 200 ක පාඩුවක් සිදුව ඇතැයි ආරංචි මාර්ග ප්රකාශ කළේය. 11 October 2026
නේපාලයේ නාය යාමකින් බුධි ගණ්ඩකි ගංගාව හරස්වෙලා මහා ගංවතුරක් නේපාලයේ ගොර්කා දිස්ත්රික්කයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් ගංගාවක් අවහිර වී ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයකින් පුද්ගලයන් පස්දෙනකු අතුරුදන් වී නිවාස සහ පාලම් රැසක් විනාශ වී ඇතැයි රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේය. 11 October 2026
බෑනාගේ පහරින් මාමණ්ඩිය එලොව යයි නිට්ටඹුව දංගොල්ලවත්ත, සුහද මාවත පිහිටි නිවසක් ඉදිරිපිටදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු බෑණනුවන් එල්ල කළ බව කියන පොලු පහරකින් බරපතල තුවාල ලැබූ අසූ හැවිරිදි මාමන්ඩිය වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 11 October 2026
දූෂණයට තවත් මැති ඇමැති 20කට දැල එලයි අල්ලස්, දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු මැති ඇමතිවරුන් හිටපු මැති ඇමති බිරින්දෑවරුන් දරුවන් සහ ඥාතීන් ඇතුළු තවත් විස්සකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. 11 October 2026
සරසවිවලට නවක සිසුන් බඳවා ගැනීම එකම දිනයක සියලුම විශ්ව විද්යාලවලට ළමයින් එකම දිනයකදී බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි අධ්යාපන සහ උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. 11 October 2026
නාමල්ගෙන් ජනපතිට තවත් ලිපියක් ලබන අයවැයෙන් පාසල් දරුවන් සඳහා අත්යවශ්ය භාණ්ඩ වලට බදු සහන ලබාදීමට කටයුතු කරන්නැයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් පවසයි. 11 October 2026
ශ්රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයෙන් රජයට යෝජනාවලියක් රාජ්ය සේවකයන්ට 2027 අයවැයෙන් රුපියල් 25,000 ක අන්තර් කාලීන දීමනාවක් ගෙවීම සහ අත්යවශ්ය ද්රව්ය මත පනවා අැති බදු ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් රජයට ඉදිරිපත් කිරීමට ශ්රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ මධ්ය විධායක සභාව පසුගියදා තීරණය කළේය. 11 October 2026
හෝමූස් පසු කරන්න ගිය බොරතෙල් නැවක් පිපිරී මහා ගින්නක් හෝමුස් සමුද්ර සන්ධිය හරහා යාත්රා කිරීමට උත්සාහ කළ විශාල බොරතෙල් ප්රවාහන නෞකාවක් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය මුහුදේ අටවා තිබූ බෝම්බයක ගැටීමෙන් පිපිරීමක් ඇතිවී විශාල ගින්නක් හටගෙන ඇතැයි ඉරාන ප්රෙස් ටීවී පුවත් සේවය පසුගියදා වාර්තා කළේය. 11 October 2026
යුක්රේනයට නව ජනපතිවරයකු පත් කිරීමේ කාලය ඇවිත්-ට්රම්ප් යුක්රේනයට නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට කාලය පැමිණ ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පසුගියදා ප්රකාශ කළේය. 11 October 2026
ඥානසාර හිමි නිදහසේ පා ගමන අද කඩුගන්නාවෙන් ආරම්භ වේ බන්ධනාගාර ගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් ඊයේ මහනුවරින් ආරම්භ කළ අධිෂ්ඨන පූජාව සහ නිදහසේ පාද යාත්රාවේ දෙවන දිනය අද කඩුගන්නාවෙන් ආරම්භ වේ. 11 October 2026
අස්වැසුම හොරා කැවැයි නෝර්වුඩ් ප්රා.ලේ කාර්යාලේ පිරිසක් පිළිගනීයි අස්වැසුම ප්රතිලාභ වංචනික ලෙස තම නමට සහ තම ඥාතීන්ගේ නමට ලබා ගත් නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් රැසක් විමර්ෂණයක් ආරම්භ කිරිමට ප්රථම ස්වේච්ඡාවෙන් ප්රාදේශීය ලේකම්වරයා හමුවේ වංචාවක් සිදු කළ බවට පිලිගෙන ඇතැයි ප්රාදේශීය ලේකම් කාර්යාලය ආරංචි මාර්ග කියයි. 11 October 2026
සොරගත් ඡංගම දුරකතන සමග තිදෙනෙක් අත්අඩංගුවට කොල්ලකන ලද ලක්ෂ 15 කට වැඩි වටිනාකමින් යුතු, ස්මාට් ජංගම දුරකථ 29 ක්, සීසීටීවී කැමරාවක් සහ විදුලි සංචිතයන් ( පවර් බෑන්ක්) තුනක් සංතකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනකු, අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 11 October 2026
බන්ධනාගාර නියාමක ගංජා සමග මාට්ටු අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යෙදි සිටි බන්ධනාගාර උපක්රමික බලකා නියාමකවරයකු ගංජා සන්තකයේ තබාගෙන සිටියදි අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර නියෝජ්ය පොලිස්පති කාර්යාලය පවසයි. 11 October 2026
අගමැතිනිය වැඩබලන අටමස්ථානාධිපති හිමි බැහැ දකී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩ බලන අටමස්ථානාධිපති ඊතල වැටුණුවැවේ ඥානතිලක නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තාය. 10 October 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026