
පාකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පාකිස්තාන මධ්‍යම රජයේ බලධාරීන් පියවර ගෙන ඇත.
බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි පාකිස්තාන රජයට බල කරමින්, ඉම්රාන්ගේ ‘තහ්රීක්-ඊ-ඉන්සාෆ්’ දැවැන්ත විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇති අතර, එම පා ගමන හේතුවෙන්, මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළ බව පැවැසෙයි.
කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ බලය ඇත්තේ ඉම්රාන්ගේ ‘තහ්රීක්-ඊ-ඉන්සාෆ්’ පක්ෂය සතුවය. හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමත් සමග, කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ මහ ඇමති සොහෙයිල් අෆ්රිඩි සහ එහි තහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව තහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd