සුජිත් හේවාජුලිගේ
ඉහළ අධිකරණවල විනිසුරු පුරප්පාඩු හතළිහක් තවමත් පුරවා නැතැයි වාර්තාවේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 04ක් අභියාචනාධිකරණයේ පුරප්පාඩු 09ක් සහ මහාධිකරණවල පුරප්පාඩු 27ක් මෙසේ පුරවා නොමැත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසන්නේ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර මාසයකට වැඩි කාලයක් ගතවී ඇති අවස්ථාවක අධිකරණ පද්ධතියේ මෙවැනි තත්වයක් පැවතීම ගැටළු සහගත බවයි.
මෙලෙස පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් විනිසුරුවරුන්ට ඉහළ අධිකරණ වලට යෑමට තිබෙන අවස්ථාව මගහැරී යන බවද ඔහු සඳහන් කළේය.
රජය විසින් ඉහළ අධිකරණවල විනිසුරු පුරප්පාඩු කිහිපයක් පමණක් පසුගිය කාලයේදී පුරවනු ලැබීය.
මේ අතර විවිධ හේතු මත දිවයින පුරා අධිකරණවල දැනට ගොඩ ගැසී ඇති නඩු සංඛ්‍යාව දස ලක්ෂ හැට හත් දහසක් බව සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd