
(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේනයට නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට කාලය පැමිණ ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.
රුසියාවෙන් ඩීසල් ඉන්ධන ආනයනය කිරීම සඳහා ඇමෙරිකාව ඇතිකරගත් නව ගිවිසුම යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විවේචනය කිරීමෙන් පසුව ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කළේය.
ධවල මන්දිරයෙන් පිටතදී සෙනසුරාදා (10) මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ යුක්රේන ජනාධිපතිවරයා රුසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම දිගටම අනුමත කරමින් ලෝකයට ගැටලු ඇති කිරීමට උත්සාහ කරන බවයි. දිගින් දිගටම රුසියානු තෙල් පිරිපහදුවලට ප්‍රහාර එල්ල කිරීම යුක්රේන ජනාධිපතිවරයා අනුමත නොකළ යුතු බවත් යුද්ධය අවසන් කිරීමට කැමැති නව ජනාධිපතිවරයකු යුක්රේනයට අවශ්‍ය බවත් ජනපති ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කර තිබිණි.
මේ අතර රුසියානු ඩීසල් අපනයනයට පනවා තිබූ සම්බාධක එළැඹෙන අප්‍රේල් 7 වැනිදා දක්වා අත්හිටුවීමට මොස්කව් පාලනය සමඟ එකඟතාවකට පැමිණි බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය 9 වැනිදා ප්‍රකාශ කළේය. එම ගිවිසුම යටතේ පළමු අදියරේදී ඩීසල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ඇමෙරිකානු සහ ලෝක වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත අතර එළැඹෙන නොවැම්බර් මාසයේදී තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත් මෙම ගිවිසුම මගින් රුසියාවට අතිරේක ආදායමක් උපයා ගැනීමට අවස්ථාව සැලසෙන බවත්, එම මුදල් යුක්රේනයට එරෙහි යුද්ධය සඳහා නව යුද උපකරණ මිලදී ගැනීමට යොදාගත හැකි බවත් සෙලෙන්ස්කි අනතුරු අඟවා තිබේ. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලබාදෙන ත්‍යාගයක් ලෙසද ඔහු මෙම ගිවිසුම හඳුන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප්ගෙ මැටිමෝල් යුද්ධය නිසා ඇතිවී තිබෙන ලොක ආර්ථික ගැටළු වලට මුහුණ දීමට නම් කලයුතු වන්නේ අසරණ යුක්රේනයට නායකත්වය දෙන වොලොඩියර් සෙලෙන්ස්කි වෙනුවට නව ජනාධිපතිවරයෙක් පත් කිරීම නොවේ. නැට්ටෙ ගිනි දැල් අවුළුවාගෙන, මුළු ලොවම ගිනි බත් කිරීමට තටමන ට්‍රම්ප් හනුමාන්, දොශාභිමානයක් මගින් දොට්ට දැමීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ට්‍රම්ප් ගොබ්බයා වම් අතින් රුසියාවට එරෙහිව ක්‍රියාත්මක කිරීමට බැරි කප්පරක් සම්බාධක පනවන අතර, දකුණු අතින් ඔහු ගෙ අතිජාත මිනීමරු, ඒකාධිපති පූටින් ගෙ යුධ යාන්ත්‍රණය තර කිරීම සඳහා ඩොලර් මිලියන් ගනන් ආයොජනය කරමින් රුසියානු ඩීසල් තෙල් ආනයනය කිරීමට ඩීල් ගසා තිබේ. මූ තවමත් හිතා ඉන්නේ ලොක ජනතාව දෙපා ගොන්නු කියාද, නැත්නම් ට්‍රම්ප් කාරයට සුව කළ නොහැකි මොළයේ (ඌට එහෙම එකක් තියෙනවාද), අසනීපයක් තිබෙනවාද කියාය !!! ඇමරිකානු ඩොලර් මිලියන වලින් මිනීමරු පූටින්ට යුක්රේනය පමණක් නොව අසල් වැසි බටහිර NATO රාජ්‍ය පවා ආක්‍රමණය කිරීමට ට්‍රම්ප් හනුමාන් ඉඩදී තිබෙන බව පැහැදිලිවම පෙනෙනවා ...
ඇමරිකානු මධ්‍ය කාලීන මැතිවරණ (Mid term elections) ජයග්‍රහණය කිරීමෙ ඒකායන අධිෂ්ඨානය මුල් කරගෙන, ට්‍රම්ප් හනුමාන් රුසියානු ඩීසල් තෙල් මිලට ගැනීම මුළු ලෝකයම සමච්චලයට ලක් කරන කතා බහට ලක්වන පුවතකි ...