
(විමුක්ති එස්. රුද්‍රිගු)
ආසියානු සංවර්ධන බැංකුවේ 2026 සැප්තැම්බර් ආර්ථික ඉදිරි දැක්ම වාර්තාවේ දත්ත පදනම් කරගෙන සකස් කළ ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් 18ක ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ දත්ත ඇසුරින් විෂුවල් කැපිටලිස්ට් (Visual Capitalist) ආයතනය සකස් කර ඇති මෙම ලැයිස්තුවට අනුව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 4කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
එම පුරෝකථනයට අනුව ශ්‍රී ලංකාව 2027 වසරේදීද සියයට 4ක ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආසියාවේ තෝරාගත් ආර්ථිකයන් 18ක් ඇතුළත් මෙම ලැයිස්තුවේ තායිවානය සියයට 11ක ආර්ථික වර්ධන වේගයක් සමඟ ඉදිරියෙන් සිටින අතර කිර්ගිස්තානය සියයට 8.9ක සහ වියට්නාමය සියයට 7.8ක වර්ධන වේගයක් වාර්තා කරනු ඇතැයි පුරෝකථනය කර තිබේ. ඉන්දියාවේ ආර්ථිකය සියයට 7කින්ද, භූතානයේ ආර්ථිකය සියයට 6.5කින්ද, ඉන්දුනීසියාවේ ආර්ථිකය සියයට 5.2කින්ද වර්ධනය වනු ඇතැයි එම දත්ත පෙන්වා දෙයි.
මේ අතර මැලේසියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 4.9ක් ලෙසත්, චීනයේ සියයට 4.6ක් ලෙසත්, හොංකොංහි සියයට 4.2ක් ලෙසත් පුරෝකථනය කර තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පින්සිද්ධ වෙයි, මේ වගේ නිවාස පාලනය නොකර විපක්ෂයේ අයට රෑට සැනසීමෙන් නිදාගැනීමට ඉඩ දෙන්නකෝ.
රට ගල් යුගයට දක්කන කහපාට ලයිටර් සමග අපි හැමදාම දියුණුවෙමින් තියෙන රටක් විතරයි.
නැතුව නැතුව අවුරුදු දෙකෙන් ගෙවල් තුනක්, පවුම් හාරදාහක වාර්ශික විදේශ විශ්ව් විද්යාල ගාස්තු එකවරම ගෙවන්න තරම්ම.
නැතුව නැතුව අවුරුදු දෙකෙන් ගෙවල් තුනක්, පවුම් හාරදාහක වාර්ශික විදේශ විශ්ව් විද්යාල ගාස්තු එකවරම ගෙවන්න තරම්ම.