(අංජුල මහික වීරරත්න සහ දයාරත්න ඇඹෝගම)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩ බලන අටමස්ථානාධිපති ඊතල වැටුණුවැවේ ඥානතිලක නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තාය.

උතුරුමැද පළාතේ පාසල් නිරීක්ෂණය කිරීමට පැමිණි අතරතුර අග්‍රාමාත්‍යවරිය අටමස්ථානාධිපති හිමි බැහැ දැකීමට මෙලෙස පැමිණි අතර එහිදී රජය ගෙන යන නව වැඩ පිළිවෙලට ආශිර්වාද කළ අටමස්ථානාධිපති හිමියෝ අධ්‍යාපන ප්‍රතිපත්ති, රාජ්‍ය ප්‍රතිපත්ති මෙන්ම කෘෂිකාර්මික ප්‍රතිපත්ති පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පිලිබඳව අනුශාසනාවක්ද පැවැත් වූහ.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද සහභාගී විය.