
(ඩී.ජී.සුගතපාල)
විදේශිය රටක නිෂ්පාදිත ගිණි අවියක් සහ එහි උණ්ඩ 06ක් සමග සැකකරුවකු විරකැටිය පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති බව දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ විරකැටිය මැදමුලන කිංචිගුණේ පදිංචි 35හැවිරිදි සැකකරුවෙකි.ඔහුගේ නිවසේ කාමරයක මෙට්ටයක් යට සඟවා තිබියදි මෙය සොයගෙන ඇත.
මෙම ගිණි අවිය පිළිබදව තමා කිසිවක් නොදන්නා බව සැකකරු පවසා ඇති බවත් එහෙත් ඔහු අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙන යාමට තැත් කිරිම සම්න්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට මෙයට දින කිහිපයකට පෙර ඇප ලබා පැමිණ ඇති අයෙකු බවත් පොලිසිය පවසයි.
මෙම සැකකරුගේ වැඩි මහල් සහෝදරයා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරයේ රඳවා සිටින බවත් මෙම සැකකරුද අවස්ථා අටකදි මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් විරකැටිය, තංගල්ල සහ අඟුණකොලපැලැස්ස යන පොලිස් ස්ථාන මගින් අත් අංගුවට ගෙන ඇති අයකු බවති පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd