
(විමුක්ති එස් රුද්‍රිගු)
යේමනයේ ක්‍රියාත්මක ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය එල්ල කරන ප්‍රහාරවලට ඇමෙරිකාව එක්වීමට ඉඩ ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.
සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනකු මියගොස් 309කට වැඩි පිරිසක් තුවාල ලැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.
ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ සෞදි අරාබිය සමඟ එක්ව හූති කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පිළිබඳව ඇමෙරිකාව සලකා බලමින් සිටින බවයි.
නවතම ප්‍රහාරය පිළිබඳව තමන්ට තොරතුරු ලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුවේය. හූති සටන්කාමීන් පෙරේදා(10) එල්ල කළ නවතම මිසයිල ප්‍රහාරය සෞදි අරාබියේ දෙවැනි කාර්යබහුලම ගුවන් තොටුපොළ වන කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ තුන්වැනි සහ හතරවැනි පර්යන්ත පිහිටි ගොඩනැගිලි සංකීර්ණයට එල්ල වී තිබිණි.
සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රහාරයෙන් සෞදි ජාතිකයන් සිව්දෙනකු සහ බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 12 දෙනකු මියගොස් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd