අප්‍රිකාවට අයත්, ජිබුටි රාජ්‍යයේ ඔබොක් වරාය නගරයට ඔබබෙන් මුහුදේ අනවසර සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් ගිලී යෑමෙන් කුඩා දරුවන් 15 දෙනකු ද ඇතුළු 139 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. යාත්‍රාව මුහුදේ ගිලී යද්දී එහි 305 දෙනෙක් සිට ඇත.

මුහුදේ ගිලී යද්දී, යාත්‍රාව ජිබුටි සිට යේමනය බලා යාත්‍රා කරමින් තිබුණු බව ද පැවැසෙයි. යාත්‍රාවේ සිටි 82 දෙදෙනකු බේරා ගැනීමට ජිබුටි වෙරළාරක්ෂකයන්ට හැකි වුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.