අමාත්‍යාංශ නිල නිවාස ගන්නේ නැතැයි පැවසූ ඇමතිවරුන් දහ දෙනෙකු නිල නිවාස ලබාගෙන සිටින බව සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයය පිළිබඳ විවාදයේදීය.
“ඔයාලා නිල නිවාස ගන්නේ නැහැ කිව්වා. නමුත් දහදෙනෙක් ඉන්නව නිල නිවාස අරගත්ත. ධීවර හා ජලජ සම්පත් ඇමතිතුමා නිල නිවාසෙක ඉන්නේ . රාජ්‍ය පරිපාලන ඇමතිතුමා නිල නිවාසයක ඉන්නවා. එ්වගේම සියළු මන්ත්‍රීවරු මාදිවෙල නිල නිවාසවල ඉන්නේ. කෝ ඔයාලගේ පරිවර්තනය. එ්ක ඉස්සෙල්ලා ඉටුකරන්න. කතානායක කොට්ට මෙට්ට ටික අරං ගිහිල්ලා වසන් කළා නම් ඕනෑම අයෙකුට මේ පාර්ලිමේන්තුවේ බලු වැඩක් කරන්න පුළුවන්. එදා අනුර කුමාර දිසානායක බිමල් රත්නායක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු පා කැන්ටිමේ මලික් සමරවික්‍රම බත් හැන්දක් බෙදනකන් ඉන්නවා කන්න. එහෙම යුගයක් තිබුණා."
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd