(අංජුල මහික වීරරත්න)

2027 ජනවාරියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිවෙන අතර රුපියල් 38000 ක් ගත් ගුරුවරයකුගේ වැටුප රුපියල් 65000කට ආසන්න ප්‍රමාණයකට වැඩිවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටිය ජන රැළියේදී පැවසීය.

රුපියල් 52000 ක් ගත් ආරම්භක වෛද්‍යවරයකුගේ වැටුප රුපියල් 94000 දක්වා වැඩිවෙන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ලබන වසරේදී රාජ්‍ය සේවකයන් 121000 බඳවා ගන්නා අතර විභාග පවත්වා සම්මුඛ පරීක්‍ෂණ තියා වැඩිම ලකුණු ගන්න අයට රස්සාව ලබා දෙන බව සඳහන් කළේය.

පිරිවෙන් වල ඉගෙන ගන්නා සිසුන් සඳහා වන දීමනාව අයවැයෙන් වැඩි කරන අතර ගුරු විද්‍යාල වල දීමනාව ලබන අයවැයෙන් දෙගුණයකින් වැඩි කරන බවද ජනාධිපතිවරයා කීය.

මහජන දේපොළ සොරකම් කර රටවල් වල සැඟවී සිටින අයට අධි චෝදනා ගොනුකර නඩු ගොනු කළ සැනින් ලංකාවට ගෙන එන බවද ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.