ශිෂ්‍යත්ව ප්‍රතිඵල මාසයකින් 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය කීවාය. 10 August 2026
වී ගබඩාවට වල් අලි පහර දෙති මොරවැව පන්කුළම රජයේ වී ගබඩාවට එල්ලවූ වල් අලි ප්‍රහාරයෙන් පසු එහි ගබඩා කර තිබූ වී තොග ත්‍රිකුණාමලයේ පිහිටි වෙනත් ගබඩාවකට රැගෙන යෑමට කටයුතු කළ බව වී අලෙවි මණ්ඩලය කියයි. 10 August 2026
සාගර කාරියවසම් අත්අඩංගුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මීට සුළු වේලාවක පෙර අත්අඩංගුවට ගෙන ඇත. 10 August 2026
පළාත් කීපයකට අදත් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 10 August 2026
තරුණියකට තර්ජනය කළ සිවුරක් දැරූ අයකු අල්ලයි තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්තරජාලයට මුදා හරින බව පවසා ඇයට තර්ජනය කළ බව කියන සිවුරක් දරා ගත් අයකු උඩුගම පොලිසිය අත් අඩංගුවට ගත් බව ගාලුදිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 10 August 2026
හැත්තෑ හතේ ආච්චි මිණිපිරියන් සමග බූරුවා ගහලා අඟුරුවාතොට උඩුවර ප්‍රදේශයේ නිවෙසකදී මිනිබිරියන් දෙදෙනා ඇතුළු පිරිසක් සමඟ මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි බවට අධිකරණයට ඉදිරිපත් කළ 77 හැවිරිදි කාන්තාවකට සහ තවත් සැකකරුවන් තිදෙනකුට මාස තුනක අත්හිටවූ සිර දඬුවමක් නියම කළ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය, ඔවුන්ට පැය 50 බැගින් ප්‍රජා සේවයේ යෙදෙන ලෙස ද නියෝග කළාය. 10 August 2026
අතුරු වෛද්‍ය වෘත්තීන් අටකට බඳවා ගන්න අයැදුම්පත් කැඳවයි අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම අරඹා තිබේ. 09 August 2026
මාතර-පොතුවිල් මූද කුඩා ,එක්දින යාත්‍රා වලට තහනම් මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වී ඇති බැවින් කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක් කරයි. 09 August 2026
‘‘ආදිවාසී පනත ආමාත්‍ය මණ්ඩලයට යොමු කළා‘‘ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කැප වෙනවා. වසර ගණනාවක සිට වැදි ජනතාවගේ ඉල්ලීමක් වූ ආදිවාසී පනත ආමාත්‍ය මණ්ඩලයට යොමු කළා ආදිවාසීන් ඇතුළු අදාල ආයතන සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදු කරනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 09 August 2026
බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා පත් කර ඇත. 09 August 2026
අරගලේ වෙලාවෙ අපි අඩියක් පස්සට තිව්වා අරගලේ වෙලාවේ අපි අඩියක් පස්සට කිව්වා යැයි පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. දරුවන් මරා ඔවුන්ගේ ජීවිත මතින් ආණ්ඩුව රකින්න අවශ්‍ය නොවූ බවද රාජපක්ෂ මහතා කීය. 09 August 2026
ඩෙංගු ලෙඩ්ඩු 90,000ට ළංවෙයි: මරණ 65 ක් මෙරටින් වාර්තා ව අැති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 90,000ට සීමාවට ළංව ඇත. මේ අනුව එම සංඛ්‍යාව 89,395 ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 09 August 2026
මැගසින් බන්ධනාගාරය අයිස් විසි කළ දෙදෙනකු අල්ලයි බොරැල්ල මැගසින් බන්ධනාගාරයට අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු මත්ද්‍රව්‍ය ඇසුරුම් කළ පාර්සල් දෙකක් බන්ධානාගරය තුළට විසි කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙක් බොරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 09 August 2026
කොකාගලවත්තට ගිනි තිබීමෙන් දුරකතන කණුවලට දැඩි හානි මඩොල්සිම කොකාගලවත්තේ හටගත් හදිසි ගින්නකින් දුරකථන සන්නිවේදන කුලුනුවලට විදුලිය සපයන විදුලි රැහැන් කනු ගින්නට හසුවි කඩාවැටි විනාශවී ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 09 August 2026
පහේ කඩඉම ආරම්භ වේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026 අද (9) පෙරවරුවේ ආරම්භ කෙරණි. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723 කදී ආරම්භ වූ ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවෝ 294,089 ක් පෙනී සිටිති. 09 August 2026
හොර සල්ලි අච්චු ගැසූ ව්‍යාපාරිකයා මාට්ටු පිටකෝට්ටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ කාර්යාලයක් වටලා ව්‍යාජ මුදල් නෝට්ටු 14 ක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත්් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි. 09 August 2026
මොජ්තාබා කමේනිගේ වීඩියෝවක් එළියට ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ වීඩියෝ පටයක් පළමු වරට ප්‍රසිද්ධියට පත් වී ඇත. එම වීඩියෝ පටය ඉරානයේ ’මෙහර්’ පුවත් සේවය ප්‍රසිද්ධියට පත් කළ බව ද පැවැසෙයි. ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තා හමුවේ මොජ්තාබා කමේනිගේ වීඩියෝවක් ප්‍රසිද්ධියට පත් වූ පළමු අවස්ථාව මෙයයි. 09 August 2026
ට්‍රම්ප් තීරණයට අධිකරණය හරස් වෙයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඩොලර් මිලියන 400 ක වියදමින් ධවල මන්දිරයේ උත්සව ශාලාවක් ඉදිකිරීමට කර තිබූ සැලැස්ම, නතර කරන ලෙස එරට ෆෙඩරල් අභියාචනාධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වේ. 09 August 2026
කොලොම්බියාවේ නව ජනපති දිවුරුම් දෙයි දක්ෂිණාංශික නීතිඥවරයකු වන අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. වසර ගණනාවක් පුරා එරට ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් මර්දනය කිරීම, රජයේ වියදම් සියයට 40කින් පමණ අඩු කිරීම සහ තෙල් හා ගෑස් කර්මාන්තය යළි ශක්තිමත් කිරීම ඔහුගේ ප්‍රධාන ප්‍රතිපත්ති වන අතර, එස්ප්‍රියෙල්ලා ඇමෙරිකාවේ ද පැසැසුවට ලක්වී සිටී. 09 August 2026
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි. 09 August 2026
තැනින් තැනට අද වැස්ස සහ තද සුළං සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර නුවරඑලිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 August 2026
අසභ්‍ය පින්තූර ගෙන්වා කප්පම් ගැනීම් යළි කරලියට ෆේස්බුක් මැසෙන්ජර්, ඉන්ස්ටග්‍රෑම්, ටෙලිග්‍රෑම් සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් මුදල් ගැරීමේ ජාවාරමක් යළිත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ඒ පිළිබඳ පැමිණිලි රාශියක් ලැබී තිබෙන බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පසුගියදා ප්‍රකාශ කළේය. 09 August 2026
රත්මලානේ නිවෙසකට බෝම්බ ගැසූ හතරක් මාට්ටු රත්මලාන ඥානේන්ද්‍ර පාරේ දෙමහල් නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. 09 August 2026
පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද ශ්‍රී ලාංකික දරුවන්ගේ පළමු කඩඉම් විභාගය වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026 අද (9) පැවැත්වේ. 09 August 2026
‘‘මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධිවරයන් ගන සාකච්ඡා කරනවා‘් අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු ඉතා ඉක්මනින් නිදහස් කරගෙන නැවතත් ආරක්ෂිතව ඉන්දියාවට පිටුවහල් කර ගැනීම සඳහා විවිධ ද්වී පාර්ශ්වික යාන්ත්‍රණයන් ඔස්සේ අඛන්ඩව මධ්‍යම රජය ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යය ආචාර්ය එස්.ජයිශංකර් මහතා එරට පාර්ලිමේන්තවේදී ප්‍රකාශ කළේය. 08 August 2026
මොජ්තබා කමේනි දැඩි අසාධ්‍ය තත්ත්වයෙන්? ඉරාන උත්තරීතර නායක මොජ්තබා කමේනි දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් කොයි මොහොතක හෝ ඔහු මියයා හැකි බවත් ඉරාන් වයර් පුවත් සේවය පසුගියදා වාර්තා කළේය. 08 August 2026
හොලිවුඩ් රංගන ශිල්පිනී රොසමුන්ඩ් පයික් ලොව ප්‍රකට සම්මානනීය හොලිවුඩ් රංගන ශිල්පිනී රොසමුන්ඩ් පයික් විශේෂ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය. 08 August 2026
ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ ජාතියෙන් සමුගත් ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 34 වන ගුණ සැමරුම අද (08) දින අනුරාධපුර රෝහල් වට රවුමේ පිහිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරුව අබියස දි පැවැත්වුණි. 08 August 2026
ස්කැවේටරය පෙරලී අයෙක් මරුට උඩුගම පොලිස් වසමේ හිදෝවිට ප්‍රදේශයේදි ස්කැවේටර් යන්ත්‍රයක් පෙරලි අද (8) සවස පුද්ගලයෙකු මියගිය බව ගාලුදිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 08 August 2026
හොලිවුඩ් නිලි රොසමුන්ඩ් පයික් ලංකාවට ලොව ප්‍රකට සම්මානනීය හොලිවුඩ් රංගන ශිල්පිනී රොසමුන්ඩ් පයික් විශේෂ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. 08 August 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026