බන්ධනාගාර හිටපු ලොක්කෙකුට වරෙන්තු ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාර හා පාතල කල්ලි සාමාජිකයක බන්ධනාගාර ගත ’’ආමි අසංක’’ නැමැති සැකකරුගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලසක් ඉල්ලා ලක්ෂ තුනක මුදලක් බැංකු ගිණුමට දමා ගත්තේ යැයි කියන බන්ධනාගාර රෝහලේ හිටපු වැඩ බලන නියෝජ්‍ය අධ්යක්ෂ හා අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා (16) වරෙන්තු නිකුත් කළේය. 16 January 2026
සැකකරුවකු හදුනාගන්න මහජන සහාය ඉල්ලයි දෙහිවල හෝටලයක හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාල සැකකරුවකු හදුනාගැනීම සදහා පොලිසිය ජනතාවගෙන් සහාය ඉල්ලා සිටියි. 16 January 2026
තෙන්ඩු කොළ සමඟ අයෙක් අල්ලයි තීරු බදු රහිතව ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ සිට මෙරටට මුහුදු මගින් ගෙන ආ බීඩි නිශ්පාදනයට යොදා ගන්නා තෙන්ඩු කොල කිලෝ 10,863 ක ප්‍රමාණයක් සහ සැකකරුවකු මල්වාන ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී අත් අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි 16 January 2026
ප්‍රසන්නට විදෙස් තහනම ඉවත් කිරීම ගැන අධිකරණ සී.අයි.ඩියෙන් කරුණු විමසයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ආයතනවල සේවකයන්ට වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ඍජුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබානොගෙන තැරැව්කාර සමාගමක් මැදිහත් කර රජයට පාඩු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන 23 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕසද මිගාරච්චි මහතා අද (16) නියෝග කළේය. 16 January 2026
කෙහෙළියට අධි චෝදනා ගොනු කරයි ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට දේශපාලන හිතවතුන් 15දෙනෙකු නාමිකව බඳවාගෙන රජයට රුපියල් ලක්ෂ අසූවක් පාඩු කළේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ නඩු තුනක් පවරමින් අධි චෝදනා ගොනුකළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම (16) පැවසීය. 16 January 2026
’’උතුරේ නිවාස ප්රශ්නය මගේ කාලෙදිම විසඳනවා’’ පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළද උතුරේ, දකුණේ නැගෙනහිර හෝ කවර ප්රදේශයකවත් කිසිදු අන්දමකින් ජාතිවාදයට යළි ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය. 16 January 2026
විශ්ව විද්‍යාල පනතට ආංශික අධීක්ෂණ සභා අනුමැතිය විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරිණි. 16 January 2026
මත් සැකකරුවෝ 975 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 975 ක් ඊයේ (15) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 16 January 2026
ජුලී- සජිත් හමු වෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනිය වන Julie Chung මහත්මිය අතර හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. 16 January 2026
රට වටා පාපැදි සවාරිය ඇරැඹෙයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරිය අද (16) කොළඹින් ආරම්භ විය. 16 January 2026
වරදකරුවූ ක්‍රිඩකයාගේ විරෝධතාවෙන් මෝටර් රථ ත්‍යාග ප්‍රදානොත්සවය අත්හිටුවයි නීති විරෝධීව තරග කළේ යැයි වරදකරු වූ ක්‍රීඩකයෙකුගේ විරෝධතාවයක් පිළිබඳ සලකා බලමින් බොරලැස්ගමුවේදී අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිත එස්.එල්.ඒ.ඩී.ඒ. මෝටර් රථ ශූරතාවලියේ ජයසංකේත ප්රදානෝතසවයේ ford laser/Mazda 1300cc ඉව්වේ ජය සංකේතත ප්රදානය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කළ ඇතැයි වාර්තාවේ. 16 January 2026
පොලිස් බව අඟවා ලැඟුම්හළක් අසල සිටි කතක් අත්අඩංගුවට පොලිස් පරීක්ෂක ක්‍රීඩා නිල ඇදුමකින් සැරසී ගිනි අවියක්ද අතැතිව පිටකොටුවේ ලැගුම්හලක් අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි කාන්තාවක් ඊයේ (15) දින සවස අත් අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි 16 January 2026
ජනපති සංචාරක තෛපොංගල් උළෙලේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදී සංවිධානය කර තිබූ තෛපොංගල් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී විය. 16 January 2026
ඩුබායි සිටි සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් මෙරටට ගෙන එයි ඩුබායි හි සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව කාන්තාවක , විශේෂ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන අද(16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි . 16 January 2026
මව මරා බිරියටද පිහියකින් ඇන පොලීසියට බාර වෙලා අහංගම තිත්තගල්ල සන්තෝෂගමදි ඊයේ (15) රාත්‍රි පුද්ගලයෙකු විසින් 80 හැවිරිදි තම මවට පිහියෙන් ඇන නිවස තුලම ඝාතනය කොට බිරිඳට ද පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකර ඇතැයි අහංගම පොලිසිය පවසයි. 16 January 2026
දෙහිවල වෙඩිතැබීම සම්බන්ධයෙන් තිදෙනකු අල්ලයි දෙහිවල,බෝධීය වත්ත,ශ්‍රී සරණංකර පාර ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරිමේ සිදුවීමට අදාලව වෙඩික්කරුට ආධාර අනුබල දුන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි 16 January 2026
ගල්අගුරු නැව් පරීක්ෂණ දෙකකින් ‘ෆේල්’ ගල් අඟුරු සම්බන්ධයෙන් ලක්විජය බලාගාර පර්යේෂණාගාරයේදී කෙරුණු පරීක්ෂණ දෙකකින් ඒවා අසමත්වී ඇතැයි විදුලි බල හා බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය. 16 January 2026
නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට කුඩා ප්‍රංශ හමුදා කණ්ඩායමක් තොරතුරු එක් රැස්කිරීමේ මෙහෙයුමක් සඳහා පසුගියදා ග්‍රීන්ලන්තයට පැමිණියේය. 16 January 2026
අද වැස්ස නැති දවසක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 16 January 2026
වෙනිසියුලා විපක්ෂ නායිකාව ට්‍රම්ප් හමුවෙයි නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ වෙනිසියුලා විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ මුහුණට මුහුණ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. 16 January 2026
දිට්වා හානිය ගැන සොයන්න අයි.එම්.එෆ් පිරිසක් දිවයිනට දිට්වා සුළි කුණාටුවෙන් මෙරට සිදුව ඇති හානිය ඇස්තමේන්තු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජුලි කොසැක් මහත්මිය අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය. 15 January 2026
මොඩියුල සිද්ධියට ජාතික අධ්‍යාපනයේ හයක් සීඅයිඩියට හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක නාමයක් (සබැඳියක්) ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඇතුළු 6 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 15 January 2026
ඇමති බංගලා 24ක් ආයෝජන මණ්ඩලයට තානාපතිලාට ඇමැති බංගලා 24ක් ආයෝජන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයටත් තානාපති කාර්යාලවලටත් ලබාදීමට තීරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය. 15 January 2026
ට්‍රම්ප් අඩියක් පස්සට ගනී ඉරානයට පහර දෙන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරන තර්ජන තාවකාලිකව නතර කර තිබෙන බවත් ඉරාන විරෝධතාකරුවන් ඝාතනය නොකරන බවට සහ අත් අඩංගුවට ගත් ඇතැම් විරෝධතාකරුවන්ට ලබාදී ඇති මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවට ඉරානය ඇමෙරිකානු ජනපතිවරයාට සහතිකයක් ලබාදීම එයට හේතුව බවත් ’’ද ගාර්ඩියන්’’ පුවත්පත ප්‍රකාශ කළේය. 15 January 2026
විෂ මත නසන උතුරේ මෙහෙයුම හෙට අරඹයි විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් දියත් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට( 16) පස්වරුවේ පැවැත්වේ 15 January 2026
ඉරානයට උදව් කරන්න ඉරාකයෙන් තරුණයන් ඇවිත් විරෝධතා මැඩලීම සඳහා ඉරාන රජයට උදවු කිරීම සඳහා ඉරාක සන්නද්ධ කණ්ඩායම් ෂියා වන්දනාකරුවන් ලෙස ඉරානයට පැමිණ ඇතැයි ඇමෙරිකානු මීඩියාලයින් පුවත් සේවය වාර්තා කළේය. 15 January 2026
පොල් ගෙඩියක් වැටී කතක් මරුට පොල් ගෙඩියක් හිසට වැටීමෙන් රෝහල් ගත කළ හොරණ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ කාන්තාවක මියගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි. 15 January 2026
යුද ශක්තිය ඉහළ දමමින් චීනයෙන් නව උපකරණ 10ක් චීන හමුදාවේ යුද වැදීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ක්වොන්ටම් තාක්ෂණය සහ සුපිරි පරිගණකකරණය භාවිතයෙන් නව උපකරණ 10 ක් එරට හමුදාව අත්හදා බලමින් සිටින බවත් එමගින් යුද්ධයකදී බුද්ධි තොරතුරු කඩිනමින් ලබා ගැනීමටත් එම තොරතුරු ඉතා ඉක්මණින් අදාළ පාර්ශවයන් සමග බෙදා හදාගැනීමටත් චීන හමුදාවට හැකියාව ලැබෙනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 15 January 2026
සැමට අභිමානෙන් ඉන්න රටක් හදනවා කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් සියලු පුරවැසියන්ට අභිමානයෙන් ජීවත්විය හැකි ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනැඟීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 15 January 2026
බළංගොඩ කස්සප හිමි උපවාසය අත්හරියි ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින බලන්ගොඩ කස්සප හිමියන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (15) පස්වරුවේ අත් හැරිය බව බන්ධනාගාර ආරංචි මාර්ගග පවසයි . 15 January 2026
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026