
(මල්මි පබසරා)
රට තුළ මනෝ වෛද්‍යවරුන්ගේ හිගයක් පවතින බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්ය චතුරි සුරවීර මහත්මිය පවසයි.
ලංකාවේ සිටින මනෝ වෛද්‍යවරුන්ට ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය වැනි රටවල ඇති ඉල්ලුම නිසා විදේශ ගත වීමේ සම්භාවිතව ඉහළ ගොස් ඇතැයි වෛද්‍යවරිය ප්‍රකාශ කළා ය.
දැනට ලංකාව තුල මනෝ වෛද්‍යවරුන් 100ත් 120 අතර ප්‍රමාණයක් සිටින බව ඇය පැවසුවා ය.
මේ වන විට මානසික රෝග සදහා ප්‍රතිකාර ලබා ගන්න පුද්ගලයින් ප්‍රමාණය උදැසන කාලසීමව තුළ පමණක් රෝගීන් 150 පමණ සිටින බව වෛද්‍යවරිය පැවසුවාය.
සමජ තරාතිරම නොබලා ඕනෑම අයෙකුට මෙම මානසික රෝග වැලදීය හැකි බව ඇය පැවසුවාය.
මානසික රෝග ඇති අයෙකු සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් සහ සායනික මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරිය වැඩි දුරටත් සදහන් කළා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd