බාලදක්ෂයෝ වැඩ අරඹති ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද(8) ආරම්භ කෙරිණි. 08 August 2026
සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ගැරිමේ ජාවාරම ජයටම ෆේස්බුක් මැසෙන්ජර්, ඉන්ස්ටග්‍රෑම්, ටෙලිග්‍රෑම් සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් මුදල් ගැරීමේ ජාවාරමක් යළිත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ඒ පිළිබඳ පැමිණිලි රාශියක් ලැබී තිබෙන බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පසුගියදා ප්‍රකාශ කළේය. 08 August 2026
රේගුව කෝටි 3726ක තෑගි මුදල් පිට පාරේ බෙදලා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ ඔත්තු කරුවන් සඳහා රුපියල් කෝටි 3726 ක මුදලක් 2012 සිට 2025 දක්වා වසර දාහතරක කාලයේදී ත්‍යාග මුදල් වශයෙන් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 08 August 2026
දූෂණ චෝදනා: හිටපු මැති ඇමතිලා එක්ක ලොක්කන් 50ක් අල්ලන්න දැල එලයි හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක් මේ වසර අවසන් වීමට පෙර අත්අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය. 08 August 2026
ලංකා කිරි ගොවීන්ට ඉන්දියාවේ පුහුණුවක් ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට ඉන්දියාවේ පුහුණුවක් ලබාදීමට තීරණය වී තිබේ. 08 August 2026
මාතර-පොතුවිල් සහ හලාවත- මන්නාරම මුහුදු යාම තහනම් මාතර සිට පොතුවිල් සහ හලාවත සිට මන්නාරම දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. 08 August 2026
මන්ත්‍රී වැටුප ඉහළට ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපේ යම් වැඩිවීමක් සිදුවී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසීය. 08 August 2026
නවතින්න තැන් නෑ: දොස්තරලා පනහක් රෑට වාහනවල ’’බුදි’ නවාතැන් පිළිබඳ ගැටලු හේතුවෙන් වෛද්‍යවරුන් පනහකට වැඩි පිරිසක් රාත්‍රී කාලයේ සිය වාහනවල නිදාගන්නා බවට තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කළේය. 08 August 2026
තවලකැලේ අස්වැසුම භාරව සිටි නිළධාරියා අස්වැසුමට විදලා තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම භාරව සිටි නිළධාරියා විසින් අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවිය යුතු රු.916000ක මුදල් ප්‍රතිලාභීන්ට නොගෙවා අස්වැසුම භාරව සිටි නිළධාරියාගේ ඥාති ගිනුමට බැර කර ඇති බවට සිදු කරන ලද විමර්ෂණයකදි අනාවරණය වූ බව තලවකැලේ වැඩ බලන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමීර ගම්ලත් මහතා තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 08 August 2026
හිරගෙදර පතරම් 2300ක් පුස් වෙලා බන්ධනාගාර ආයතන නවයක විවිධ ගිනි අවි සඳහා භාවිත කරන පතුරම් 2327ක් භාවිතයට ගත නොහැකි තත්වයේ පවතින බව හඳුනාගෙන ඇතත් එම පතුරම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 08 August 2026
සතොස ආහාර 10 ක මිල අඩු කරයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි අද(8) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ. 08 August 2026
තහනම් ආයුද සමග හයක් මාට්ටු ’’ සුපුන් සර්පයා ඇතුළු වීම තහනම්’’ යනුවෙන් නිවස ඉදිරිපිට ලියා තිබූ රත්මලාන ගොනා කෝවිල නිවසේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී කඩු කිනිසි, කෙටේරි, අද්භූම්බයක් සහ මුදල් තොගයක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. 08 August 2026
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ. 08 August 2026
එල්නිනෝ මාලු අස්වැන්න ගිලියි එල්නිනෝ තත්වය සමඟ මුහුදේ මතුපිට ජල ස්ථරයේ උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රතිපලයක් ලෙස දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය ගහනය ගැඹුරු මුහුද දෙසට ඇදීයෑම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇතැයි ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය. 07 August 2026
බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු හොයන්න ඒකාබද්ධ යාන්ත්‍රණයක් බන්ධනාගාර රැඳවියන් මුහුණ දී සිටින ගැටලු සහ ඔවුන්ගේ සුභසාධන කටයුතු මෙන්ම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. 07 August 2026
පල්ලන්සේන කඳවුරේ තුවාල ලැබූ 28ක් රෝහලට මීගමුව පල්ලන්සේන සිරකඳවුරේ ඇති වූ නොසන්සුන්කාරි තත්වය අතරතුර තුවාල ලැබූ රැඳවියන් 28 දෙනකු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 07 August 2026
සංචාරක වීසාවලින් රැකියා කළ චීන්නුන්ට ලක්ෂ 70වක දඩ සංචාරක වීසා වලින් ලංකාවට පැමිණ මෙහි රැඳී සිටිමින් රැකියා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් චීන ජාතිකයින් 94 දෙනකුට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා රුපියල් ලක්ෂ 70ක දඩ නියම කළේය. 07 August 2026
විනිසුරු වයස වැඩිකිරීමේ ගැසට්ටුව පිටවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද ගැසට් නිවේදනය අද දින නිකුත් කෙරිණ. 07 August 2026
අකිලගේ ජීවිතය අනාරක්ෂිතයි-වහා සාකච්ඡාවක් දෙන්න මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් වී සිටින එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කඩිනමින් වේලාවක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටී. 07 August 2026
විගණකාධිපතිවරියගේ වැටුපට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය විගණකාධිපති ධුරයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, විගණකාධිපතිවරියගේ වැටුප අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 07 August 2026
ඊශ්‍රායල රැකියා වෙබ් දොර 10 වැනිදා ඇරෙයි ඊශ්‍රායලයේ අවන්හල් ක්ෂේත්රයේ (Restaurant) හා ප්‍රතිසංස්කරණ ක්ෂේත්රයට (Renovation) අදාළ රැකියා සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් ද්වාරය අගෝස්තු මස 10 වන සඳුදා දින විවර වීමට නියමිතය. 07 August 2026
ඊශ්‍රායල් රැකියා ක්ෂේත්‍ර 2කට වෙබ් ද්වාරය 10දා විවෘත වෙයි ඊශ්‍රායල් රාජ්‍යයේ අවන්හල් ක්ෂේත්රයේ (Restaurant) හා ප්‍රතිසංස්කරණ ක්ෂේත්රයට (Renovation) අදාළ රැකියා සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් ද්වාරය අගෝස්තු මස 10 වන සඳුදා දින විවර වීමට නියමිතය. www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ මෙම රැකියා සදහා අයදුම්කිරීමට අවස්ථාව හිමිවේ. 07 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කර සිටින සිරකරුවන් එළඹෙන 21දා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් සීලනී පෙරේරා මහත්මිය ඒ ඒ සැකකාර සිරකරුවන් රඳවා සිටින බන්ධනාගාරවල අධිකාරීවරුන්ට අද නියෝග කළාය. 07 August 2026
දැරියක් පුස්තකාලයේ පාඩම් කරද්දී නිලධාරීන් දොරගුළු දමා ගෙදර ගිහින් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීමට නියමිත පාසල් දැරියක මහරගම නගර සභා පරිශ්‍රයේ පිහිටි පුස්තකාලයට පාඩම් කරන අතරතුර එහි නිළධාරීන් කිසිදු වග විභාගයකින් තොරව ඇය පුස්තකාලයේ සිටියදී දොරගුළු වසා පිටව යාම හේතුවෙන් එම සිසුවිය පැය භාගයක පමණ කාලයක් පුස්තකාලයේ සිර වී සිට ඇතැයි මහරගම නාගරික මන්ත්‍රීනි රසිකා ගුණසිංහ (පො.එ.පෙ) මහත්මිය පැවසුවාය. 07 August 2026
පේරේ සඳුදා සිට යළි ඇරේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අධ්‍යයන කටයුතු නවතා තිබු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු අගෝස්තු මස 10 දින සිට (සඳුදා) නැවත ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා නිල වශයෙන් දැනුම් දී තිබේ. 07 August 2026
බන්ධනාගාර ගැටුම් ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බන්ධනාගාරවල මතුව ඇති ගැටුම් ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. 07 August 2026
පල්ලන්සේන පාලනය කරයි මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය මේවන විට පාලනය කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 07 August 2026
රවීට එරෙහි ගල්කිස්සේ නඩුව අත්හිටුවයි බීමතින් රිය පැදවීම ඇතුළු චෝදනා තුනක් යටතේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද අතිහිටුවනු ලැබීය. 07 August 2026
පල්ලංසේනට කඳුළු ගෑස් මීගමුව දළුපත පල්ලංසේන කඳවුරේ රඳවා සිටින පිරිස් එහි ආරක්ෂිත තාප්ප ඇතුළු ඉදිකිරීම් සඳහා ගොඩගසා ඇති කැබලි කඩා ගල්මුල්වලින් පහර දීමටද කටයුතු කළහ. 07 August 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026