ත්රස්ත පනතෙන් අත්අඩංගුවට ගන්නා අය රඳවන්න වෙනම තැනක් මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 08 October 2026
කතානායක විශ්වාසභංගයට අත්සන් ගැනීම අරඹයි කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 08 October 2026
නොබෙල් සාහිත්ය ත්යාගය අද මෙවර සාහිත්ය සම්මානය හිමිවනු ඇතැයි අනුමාන කෙරෙන්නේ කැඩේනියානු කිවිදියකට හෝ චීන ලේඛිකාවකට යැයි සාහිත්ය විචාරකයන්ගේ අදහසය. 08 October 2026
රසායන විද්යා නොබෙල් ත්යාගය විද්යාඥයන් දෙදෙනකුට ජීවයේ පැවැත්මට බලපාන රසායනික අසමමිතිය පිළිබඳ අභිරහසට සාර්ථක විසඳුම් ලබා දීම වෙනුවෙන් ප්රංශ ජාතික විද්යාඥ හෙන්රි බී. කේගන් සහ ජපානයේ කෙන්සෝ සොආයි, මෙම 2026 වසරේ රසායන විද්යා නොබෙල් ත්යාගයෙන් පිදුම් ලැබූහ. 08 October 2026
සාම ත්යාගයට සුදුසුස්සා මම - ට්රම්ප් 2026 නොබෙල් සාම ත්යාගය හිමිවන්නේ කාටදැයි හෙට (9) ප්රකාශ කිරීමට නියමිතය. නොබෙල් සාම ත්යාගයට සුදුස්සා තමන් නමුත්, තමන්ට එය හිමිවේවිදැයි සැක සහිත බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි. 08 October 2026
රාහුල් ගාන්ධි අත්අඩංගුවට ඉන්දියාවේ ප්රධාන මැතිවරණ කොමසාරිස්වරයාට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින්, විරෝධතාවකට එක් වුණු, ඉන්දියාවේ ප්රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට පත්විය. 08 October 2026
නානා පාටේකාර් සමුගනී ප්රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් දිවි ගමන අවසන් කළේය. ඉන්දියාවේ ගෝවා හි සිය නිවසේදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් නානා පටේකාර් අභාවප්රාප්ත වුණු බව ඉන්දීය මාධ්ය පවසයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 75 කි. 08 October 2026
රිය අනතුරක් කළැයි පා.ම චන්දන සූරියආරච්චි අත්අඩංගුවට පනාගොඩ මැදමණ්ඩිය ප්රදේශයේදී රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියාරච්චි මහතා අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය සඳහන් කරයි. 08 October 2026
ජනපති අරමුදලෙන් රුහුණේ සරසවි සිසුන්ට ’’ඇස්’’ ජනාධිපති අරමුදලෙන් විශ්ව විද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර මාතර දී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව සෙනසුරාදා (10) දවස පුරා රුහුණු විශ්වවිද්යාල පරිශ්රයේදී මෙම වැඩසටහන පැවැත්වේ 08 October 2026
පොඩි පැටී ඝාතනයේ ප්රධාන සැකකරුවෙක් මාට්ටු පොඩි පැටී ඝාතනයට සම්බන්ධ ප්රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු අත් බෝම්බයක් සමග අහුන්ගල්ල වැලිකන්ද ප්රදේශයේ දි සැකපිට ප්රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි. 08 October 2026
දූෂණ විරෝධී කෙටුම්පත විවාදය අද දුෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (08 ) බ්රහස්පතින්දා පැවැත්වේ. 08 October 2026
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට මහා නා හිමිවරුගේ අප්රසාදය සිර දඬුවම් ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කොට සාමාන්ය ගිහි ඇඳුමක් ඇන්දවීම සම්බන්ධයෙන් අප්රසාදය පළ කරමින් එය එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මාලාවේ 14 (3) රීතිය කඩ කිරීමක් බව කරමින් ත්රෛනිකායික මහනාහිමි වරුන්ගේ අත්සනින් යුතුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකොට තිබේ. 08 October 2026
ජනපති-ත්රෛනිකායික මහා සංඝරත්නය හමුවක් කැඳවයි ත්රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (8)පැවැත්වේ. 08 October 2026
කෝටි 15,000ක කනකර බඩු උගස් තියලා එදාවේල හම්බ කරන් කන මිනිස්සු ජීවත් වෙන්න විදියක් නැතුව කෝටි 15,000ක කනකර බඩු උගස් තියලා -නාමල් රාජපක්ෂ 08 October 2026
කොටුව හිටපු මහෙස්ත්රාත් යළි සේවයේ පිහිටුවයි කොළඹ කොටුව මහේස්ත්රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්සිටවූ කෝසල සේනාධීර මහතා වහාම ක්රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත. 07 October 2026
ලබන වසරේ විසර්ජන කෙටුම්පත මැතිසබයට වියදම කෝටි 499200 ක් ලබන 2027 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත කම්කරු අමාත්ය සහ මුදල් සහ ක්රම සම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරිණ. 07 October 2026
රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන්වන තෙක් රිමාන්ඩ් නඩු විභාගය සඳහා ඉදිරිපත්ම වී සැඟවී සිටියදී අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්ය රෝහිත බෝගොල්ලාගම මහතා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් භාරය රඳවා තැබීමට කොළඹ මහාධිකරණය විනිසුරු රශන්ත ගොඩවෙල මහතා අද නියම කළේය. 07 October 2026
ශිරන්ති රිමාන්ඩ් - ප්රදීප්ට ඇප කාන්තා හා ළමා සුභ සිද්ධිය වෙනුවෙන් ආරම්භ කළ ’’සිරිලිය සවිය’’ සමාජ සත්කාරක ආයතනයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්තී රාජපක්ෂ වික්රමසිංහ මහත්මිය ලබන 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් දර්ශිමා ප්රේමරත්න මහත්මිය අද (07) නියෝග කළාය. 07 October 2026
සතොසට බාල බඩු දුන් සැපයුම්කරුවෝ 08ක් “බ්ලැක් ලිස්ට්” සමූපකාර තොග වෙළඳ සංස්ථාවට ( සතොස) බාල බඩු සැපයූ සැපයුම්කරුවන් අට දෙනකු පසුගිය මාස තුනේදී අසාධු ලේඛන ( බ්ලැක් ලිස්ට්) ගත කර ඇතැයි වෙළෙඳ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. 07 October 2026
තෙල් බෙදීම අඩාල කළොත් දඩුවම් ! තෙල් බෙදා හැරීමේ කටයුතු අඩාල කළහොත් පනත අනුව ගත හැකි ක්රියාමාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ගනිමින් සිටින බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ බල ශක්ති අමාත්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. 07 October 2026
ශිරන්ති - ප්රදීප් අධිකරණයට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති බිරිය ශිරන්ති රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්රදීප් කාරියවසම් මීට සුළු වේලාවකට පෙර අධිකරණයට රැගෙන ආවේය. 07 October 2026
තෙල් බෙදීම අඩාල කළො ත් දඩුවම්! තෙල් බෙදා හැරීමේ කටයුතු අඩාල කළහොත් පනත අනුව ගත හැකි ක්රියාමාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ගනිමින් සිටින බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ බල ශක්ති අමාත්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය 07 October 2026
තැපෑල භාණ්ඩ පරීක්ෂාවෙන් රේගුව ඉවත්කරලා මාධ්යම තැපැල් හුවමාරුවේ අධිවේගී තැපැල් සේවාව (ඊ.එම්.එස්.) හරහා අපනයන හෝ වෙනත් ආකාරයට විදේශගත කරන පාර්සල් සහ භාණ්ඩ රේගු පරීක්ෂාවට යොමුනොකිරීම නිසා රජයට අති විශාල ආදායම් සහ මෙරට සම්පත් අහිමිවීමේ දැඩි දූෂිත තත්වයක් නිර්මාණය වී ඇති බව තැපැල් සේවකයෝ පවසති. 07 October 2026
බාලදක්ෂ ජම්බෝරිය ජනවාරියේ ශ්රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරියට අනුග්රහය දක්වන රාජ්ය සහ පෞද්ගලික ආයතනවල ප්රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 07 October 2026
ඩී.එස් - ඩඩ්ලි කාලෙ කෘෂිකර්මයට ලොකු වැඩක් කෙරුණා ඩී.එස්.සේනානායක,ඩඩ්ලි සහ බණ්ඩාරනායක යුගයන් වලදී රටේ කෘෂිකාර්මික ක්ෂේත්රයට ලොකු වැඩ කොටසක් කෙරුණ බව කෘෂිකර්ම නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 October 2026
ග්රාම නිලධාරීහු 1,540 පත්වීම් ලබති නව ග්රාම නිලධාරී සේවා ව්යවස්ථාව ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ප්රථම වතාවට ග්රාම නිලධාරී සේවයේ III වන ශ්රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමට රජය තීරණය කර තිබේ. 07 October 2026
පසුගිය කන්න තුනේදීම ගොවියා හාන්සියි ගෙවී ගිය කන්න තුනක කාලයේදී වී මිලදී ගැනීම සඳහා ක්රමානුකූල ක්රමවත් වැඩපිළිවෙලක් සැකසීමට ආණ්ඩුව අපොහොසත් වූ බව මාතලේ දිස්ත්රික් මන්ත්රීනී රෝහණී කුමාරි විජේරත්න මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 07 October 2026
රෝහිත අත්අඩංගුවට අල්ලස් කොමිසම කරනු ලබන විමර්ශණයක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා එහි පැමිණි හිටපු අමාත්ය රෝහිත බෝගොල්ලාගම මහතා අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගෙන ඇත. 07 October 2026
සෞදියේ මරණ දඬුවම නියමවූ සිවරාසාට තුවාල ඉස්ලාම් ආගමට අපහාස කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞදියේ මරණ දඬුවම නියමව සිටින අනෝජන් සිවරාසාට ඔහු රඳවා සිටින සිර මැදිරියේදී සීරීම් තුවාල සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. 07 October 2026
හිටපු පොලිස්පති දේශබන්දුට අධි චෝදනා මාතර වැලිගම W 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාල දේශබන්දු තෙන්නකෝන් ඇතුළු විත්ත්තිකරුවන් අට දෙනාට අධි චෝදනා බාරදුන් මාතර මහාධිකරණ විනිසුරු නන්දන අමරසේන මහතා ඔවුන් සියලු දෙනා දෙනා ඇප මත මුදාහරින්නැයි නියෝග කළේය. 07 October 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026