
(එම්.සුසිල් පියන්ත)
පොඩි පැටී ඝාතනයට සම්බන්ධ ප්රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු අත් බෝම්බයක් සමග අහුන්ගල්ල වැලිකන්ද ප්රදේශයේ දි සැකපිට ප්රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මේ සැකකරු පොඩි පැටී ඝාතනය කිරීමට ඔත්තු බලා එම ඝාතනයට සෘජුවම සම්බන්ධ අයකු බවද පොලීසිය කියයි.
පාතාලයට සම්බන්ධ විදෙස්ගතව සිටින අයකුගේ කොන්ත්රාත්තුවකට පොඩි පැටී ඝාතනයට ඔත්තු බලා වෙඩික්කරුට නිවැරදිව ඔත්තුව ලබාදුන් බව සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
එම කොන්තාත්තුවට අනුව පාතාල නායක ලොකු පැටී නමැත්තාගේ තවත් සමීපතයකු ඝාතනය කිරීමට සැකකරු අහුන්ගල්ල වැලිකන්ද සිය නිවස පිටුපස වළලා දමා තිබූ ජීව අත් බෝම්බයක්ද සොයා ගත් බවද පොලීසිය කියයි.
පොඩි පැටී ඝාතනයෙන් පසු මේ සැකකරු ඔහුගේ මළ ගමටද සහභාහිවී එහි සියලුම තොරතුරු දුරකතන මාර්ගයෙන් සහ වට්සප් මාර්ගයෙන් අදාළ විදෙස්ගත පාතාල කල්ලි සාමාජිකයාට ලබාදී ඇති බවටද තොරතුරු අනාවරණය කරගත් බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd