(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අරමුදලෙන් විශ්ව විද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර මාතර දී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව සෙනසුරාදා (10) දවස පුරා රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්වේ.

නොමිලේ ඇස් පරීක්ෂා කිරීම මෙහිදී සිදු කෙරෙන අතර Stroud Rotary Club සහ Wish පදනමේ දායකත්වය ලබා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම, මෙම වැඩසටහනේ පළමු අදියර පසුගියදා රජරට විශ්වවිද්‍යාලයේදි පැවැත්වුණු අතර එහිදී ඇස් පරික්ෂාවට ලක් වූ සිසුන් 316ක් වෙනුවෙන් ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම ඔක්තෝබර් 17වැනිදා එම විශ්ව විද්‍යාලයේදී සිදු කිරීමට නියමිතය.