
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දූෂණ විරෝධී පනතේ අලුත් සංශෝධන වල දූෂණයට අත වනන රුකුලක් දෙන සංශෝධන අඩංගු වෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"සභානායකතුමා කියපු නඩු බොහොමයක් දැම්මේ යහපාලන ආණ්ඩුව.සමගි ජන බලවේගයේ අපි කිසි විටක දූෂිතයන් ආරක්ෂා කරන්න වත් දූෂිතයන්ට උදව් කරන්නවත් පෙනී ඉඳලා නෑ. ඒ වගේම ඉදිරියටත් එහෙම පෙනී සිටින්නේ නැහැ.මේ රටේ වංචාව දූෂණය අඩුකර ගන්න යහපාලන ආණ්ඩුව යම් උනන්දුවකින් වැඩ කරලා තියෙනවා.බිමල් ඇමැතිතුමත් ඒක පිළිගත්තා හොඳයි. නමුත් එතුමාලාට අමතක වෙච්ච දෙයක් තිබෙනවා.අද චෝදනාවට ලක්ව සිටින පිරිස බලයට ගේන්න කටයුතු කළේත් ඔබතුමාලා.ඒකට අපේ කවුරුවත් උදව් කලේ නෑ.අපි වේදිකාවලට ගිහිල්ලා ඒ අයට ඡන්දෙ දෙන්නැයි නිර්දේශ දුන්නේ නෑ.ඔබතුමාලා තමයි ඒ නිර්දේශය දුන්නේ. ඔබ එදා ගත්ත ඒ වැරදි දේශපාලන තීන්දුවේ වන්දිය තමයි අප රටක් ලෙස තවම ගෙවමින් සිටින්නේ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd