
(රෝෂන් තුෂාර)
රජයේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව පොස්පේට් ආනයනය කිරීම සඳහා සමාගම් තුනකට අවස්ථාව සලසා දෙමින් , එකී සමාගම්වලින් ලද රුපියල් ලක්ෂ අසූ නමයක තුටු පඬුරු සිය ලේකම්වරයා හරහා ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අද (09)අල්ලස් කොමිසමට කැඳවා ඇත.
පොස්පේට් ආනයනය කළ සමාගම් 3කින් රුපියල් ලක්ෂ 89 ක් ලබා ගත්තේ යැයි කියන චාමර සම්පත් මහතාගේ පුද්ගලික ලේකම්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර රුපියල් ලක්ෂ 59 ක් ලේකම්වරයාට දුන්නේ යැයි කියන පුද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයකුට අධිකරණය මගින් ඇප නියම කර ඇත.
සිද්ධියට අදාළ පැමිණිල්ල අද (09) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චියේ වඩයක් විකුණාගෙන හිටියා නම් අද කරදරයක් නැතුව ඉන්නවා,
කයිවාරුව දොරේගලනව කවුන්සිලෙද, මම කෙරුම , මම හරි , දැන් උත්තර දීහං උසාවියට, උසාවියට අල්ලස් කොමිසම එන්නෙ අතේ බඩු සහිතව, එදාටත් ගහපං පුලුවන්නම් පච පම්පෝරි
දැන් නාමල් වගේ පලිගන්නව කියල කියන්න , හැබැයි අල්ලස් කොමිසමේ අයල තමුන්ගෙ කෙරුවාව තියෙනව