(ටී.කේ.ජී.කපිල )

මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වී තිබෙන යුදමය වාතාවරණය යටතේ ,  එල්ල කරන  ප්‍රහාර හමුවේ , සෞදි අරාබිය විසින් ඔවුන්ගේ රියාද් නුවර ගුවන් තොටුපොළ වසා දැමීමත් සමග , ශ්‍රී ලන්කන් ගුවන් සේවය 08 , 09 සහ 10 දින වල කටුනායක සිට රියාද් අතර ක්‍රියාත්මක වීමට නියමිත ගුවන් ගමන් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

ඒසේම තවදුරටත් , පවතින යුදමය වාතාවරණය යටතේ සෞදි අරාබිය සිය රියාද් නුවර ගුවන් තොටුපොළ වසා දැමීමට පියවර ගතහොත් ,  ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ද තවදුරටත් සිය ගුවන් ගමන් අත්හිටුවීමට සිදු විය හැකි බව ද දීපාල් පෙරේරා මහතා සදහන් කළේය .

එමෙන්ම මේ වනවිටත් සෞදි අරාබියේ රියාද් නුවර වෙත පිටත්ව යාම සදහා ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිළ දී ගෙන තිබේ නම් , ඔවුන් සිය ප්‍රවේශ පත්‍ර මිළ දී ගත් ගුවන් ගමන් නියෝජිතයන් හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 1979 හදිසි දුරකථන අංකය හෝ www.srilankan.com වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ කටුනායක ගුවන් තොටුපොළ විමසීමෙන් දැන ගත හැකි බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය .