(සුජිත් හේවාජුලිගේ)

රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම කඩිනම් කිරීම හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී  බන්ධනාගාර ගත  රැඳවියන්ගේ සංඛ්‍යාව හාර දහසකින් අඩුවී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සියලු බන්ධනාගාරවල මීට මාස කිහිපයකට පෙර රැඳවියෝ  හතළිස් දෙදහසක් පමණ රඳවා සිටියහ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ,  රැඳවියන්ගේ සංඛ්‍යාව තිස් අට දහසක් දක්වා අඩුවී ඇති බවයි.

මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා තැබිය යුතු රැඳවියන්ගේ සංඛ්‍යාව 11,000 ත් 13,200 ත් අතර වේ.