
(නිමල කොඩිතුවක්කු)
එස්.එල්. එස් ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව ජූලි සහ ඔක්තෝබර් මාසවලදී දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම් 182කදී හෙල්මට් 758කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන නීතිය ක්‍රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
යතුරුපැදි පදවන්නන්ගේ සහ පසුපස ගමන්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, SLS 517 ප්‍රමිතියට අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සම්බන්ධයෙන් වැටලීම් සිදුකළ බවද එම අධිකාරිය ප්‍රකාශ කරයි.
ඔක්තෝබර මාසයේදී පමණක් දිවයින පුරා විශේෂ වැටලීම් 84ක් සිදුකර ඇති අතර, SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති හෙල්මට් 327ක් නඩු භාණ්ඩ ලෙස අධිකාරිය භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd