
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව අද (08) සම්මත කෙරිණ.
පනත් කෙටුම්පත පිළිබද දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්විණ.
විවාදයෙන් අනතුරුව මේ සඳහා සංශෝධන එක් කරනු ලැබුවේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසිනි.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යනු ශ්‍රී ලංකාවේ අල්ලස සහ දූෂණය මැඩලීම සඳහා වූ පවතින නීති ඒකාබද්ධ කරමින් හා බලගන්වමින් සම්මත කරන ලද ප්‍රධානතම නීතිමය රාමුවයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සිදුවන වංචා, අල්ලස් සහ දූෂණ ක්‍රියා වැළැක්වීම, විමර්ශනය කිරීම සහ ඒ සඳහා දැඩි දඬුවම් ලබා දීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කිරීමට සහ පුළුල් බලතල ලබා දීමට නව පනත් කෙටුම්පතෙන් විධිවිධාන සලසා අැත.
එසේම රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් තම වත්කම් සහ බැරකම් නිසි ලෙස ප්‍රකාශ කිරීමේ විධිවිධානද මෙම කෙටුම්පතට ඇතුළත් වේ.
පනත් කෙටුම්පතට කතානායකවරයා සහතිකය සටහන් කිරීමෙන් පසු බලාත්මක වනු අැත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd