(රෝෂන් තුෂාර)

මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

අධිකරණ සේවයෙන් ඉවත් කිරීමේ ලිපිය තිළිණ ගමගේ මහතා වෙත අද දින යොමු කර ඇති බව පැවසේ.

තිලිණ ගමගේ මහතා විසින් “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා අටක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව සේවයෙන් පහ කිරීමේ තීන්දුව ලබා දී ඇත.