(නිමල කොඩිතුවක්කු)

එල්නිනෝ තත්වයේ බලපෑම හේතුවෙන් ඉදිරි සතියේ සිට දිවයින පුරා තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා පැවසීය.

ඒ අනුව එම කාළය තුළ බෙංගාල බොක්කේ කැලඹිලි තත්ත්වයන් තිවුර විය හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ගංවතුර නායයාම් වැනි තතත්වයන් එම කාළය තුළ ඇති විය හැකි බැවින් කාලගුණ අනාවැකි පිළිබඳ ජනතාව අවදානයෙන් පසුවන ලෙසද විජේමාන්න මහතා කීය.