
(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ තැපෑලෙන් රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජාතික සැමරුම් උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.
"එකම තැපැල් ජාලයක්, අනන්ත වූ හැකියාවක්"යන්න තේමා පාඨය කර ගනිමින් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
මෙහිදී 152 වන ලෝක තැපැල් දින සැමරුම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත් කරනු ලබන ලෝක තැපැල් දින සමරු මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීම ද සිදු කෙරිණි.
එමෙන්ම තැපැල් සේවාවේ ආදායම් ප්‍රවර්ධනය සඳහා දායක වූ තැපැල් කාර්යාල ඇගයීම, තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කරන පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල වල සේවා කාර්ය සාධනය වෙනුවෙන් ඇගයීම් තිළිණ ප්‍රදානය, තැපැල් සේවා කටයුතු සඳහා ප්‍රවර්ධනය සඳහා දායක වූ කාර්ය මණ්ඩලය ඇගයීම, කාර්යක්ෂම කාර්යාල ඇගයීම, ලෝක තැපැල් දිනය වෙනුවෙන් පාසල් දරුවන් වෙනුවෙන් පවත්වන ලද විවිධ තරඟවලට අදාළ ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය ඇතුළු තැපැල් සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ තැපැල් සේවකයින් සහ කාර්යාල රැසක් ද මෙහිදී විශේෂ ඇගයීමට ද ලක් විය.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ මෙරට තැපැල් සේවාව මෙතෙක් ආ ගමන් මගේ අත්කර ගත් ජයග්‍රණ සඳහා ඇපකැපවූ සියළු කාර්ය මණ්ඩලවලට සිය ස්තූතිය පුද කළ අතර, පසුගිය කාල පරිච්ඡේදය තුළ ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇති බවත්, තව ජයග්‍රහණ රැසක් ඉදිරියේ දී ලබාගත යුතුව ඇති බව ද පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd