(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ අභිනව භාෂා පරිවර්තන ඒකකය පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අතින් විවෘත කෙරිණි.

පාර්ලිමේන්තුවේ ලිඛිත භාෂා පරිවර්තන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මෙම ඒකකය අරඹා තිබේ.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ, කාර්යාලයක දියුණුව උදෙසා නිවැරදි නායකත්වය මෙන්ම සාමූහික එකමුතුකම ද අත්‍යවශ්‍ය වන බවයි. පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය සැමවිටම සියලු සේවකයන්ගේ ජීවන තත්ත්වය, වෘත්තීයමය ස්ථාවරභාවය සහ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින බව පැවසූ මහලේකම්වරිය පාර්ලිමේන්තුව සතු වටිනාම සම්පත එහි කාර්ය මණ්ඩලය බව අවධාරණය කළාය.