(රංජන් කටුගම්පොළ)

දැනට සිරගතව සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට යළි සිවුර අන්දවන විට බෞද්ධ විනයානුකූලව පියවර අනුව එම සිවුර අන්දවිමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙතසම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් උපදෙස් ලබා ගත යුතු බව නීතිපතිවරයා  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ කේ පුනාන්දු මහත්මිය මෙසේ දැනුම් දෙනු ලැබුවේ මෙම අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රිතිපද්මන් සුරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක මහතා විසින් ගොනුකොට තිබූ මෙම පෙතසමෙහි වගුත්තරකරුවන් වශයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසන් නම් කරනු ලැබ සිටිති.

දැනට සිරගතව සිටින ගල ගොඩ අත්තේ ඥානසාර හිමියන්ට යළි සිවුර අන්දන විට විනයානුකූලව විනය පිටකයේ අදාළ පියවර අනුව ඇන්ද වියයුතු බවට නියෝග කරන ලෙසද එම හිමියන් මෙයාකාරයෙන් සිරගත කිරීම තුළින් ‍ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුකූලව තම ආගම නිදහස  උල්ලගෙන වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද ඉල්ලා  පෙතසම්කරු ෙම පෙතසම ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ගොනු කරනු ලැබ ඇත.