(ටී.කේ.ජී.කපිල )

රුපියල් පන් කෝටි දස ලක්ෂයක් වටිනා " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී ,  කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් , 22 හැවිරිදි වියේ පසුවන දෙදෙනකු සහ 33 හැවිරිදි වියේ පසුවන තායිලන්ත ජාතික රියැදුරුවරු තිදෙනෙකි.

තායිලන්තයේ බැංකොක් නුවර සිට සැකකරුවෝ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ , රූපලාවන්‍ය ආලේපන අඩංගු බදුන් තුළ , සූක්ෂම ලෙස අසුරා , මෙම " හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 096 ක ප්‍රමාණය සඟවා ගෙන තිබුණි.

සැකකරුවන්මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .