පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පාසල් ගොඩනැගිල්ලක වහලක් කඩා වැටීමෙන්, 18 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. එම 18 දෙනාගෙන් 17 දෙනකු අවුරුදු 13 ට අඩු පාසල් දරුවන් බවත්, ඉතිරි තැනැත්තා ගුරුවරයකු බවත් පැවැසෙයි.

සුන්බුන් අතරින් බේරාගත් තවත් සිසුන් 10 දෙනකු රෝහල්ගත කළ බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි. තුවාල ලැබූ සිසුන් ඇතුළත් කෙරු​ණේ, ලේඩි රීඩින් රෝහලටය.

පාසල් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව පාකිස්තාන බලධාරීහු පවසති.