
(උපාලි රණවීර)
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව ඉල්ලා මහනුවරින් ආරම්භ කළ පා ගමනේ අවසන් දිනය වූ අද දින, මහාචාර්ය කොටපිටියේ රාහුල කෝට්ටේ කල්යාණි සාමාග්රී සංඝ සභාවේ අනූනායක හිමියන්ගේ ආශිර්වාද අනුශාසනා මධ්යයේ කඩවතින් ආරම්භ විය.
සිරදඬුවම් විඳින බොදු බල සේනා සංවිධානයේ සභාපති් ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙසත් හා උන්වහන්සේගේ චීවරය ගැලවීමට එරෙහිව මහනුවර නගරයේ සිට කොළඹ දක්වා ඉකුත් 10 වැනි දා ආරම්භ කළේය.
ගිහි පැවිදි, විශාල පිරිසක් සහභාගී වූ මෙම පා ගමනේ හයවන දිනය අද දින කඩවත බෝධිය අසලින් ආරම්භ කෙරිණ
එය ආරම්භ කිරීම සිදුවන අවස්ථාවේ අධික වර්ෂාවක්ද ඇද හැලුණ අතර එම වර්ෂාවද නොතකා භික්ෂූන් වහන්සේ පා ගමන ආරම්භ කළහ.
මෙම අවස්ථාවට අධ්යාපන. වෘත්තිකයින්ගේ සංගමය සභාපති උලපනේ සුමංගල හිමියන් හා බලන්ගොඩ කස්සප හිමියන් යන හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd